මිනිසුන් අතර බැඳීම සමීප කරවන චීනයේ Changde හි Lei cha සිරිත
2024-03-21 15:58:38
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගිය 19 වැනිදා Hunan පළාතේ Changde නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. Changde හි Lei cha නමැති තේ නිර්මාණ ශිල්පි Xie Yuan ෂී ජින් පිං මහතා වෙත Lei cha සෑදීමේ ක්‍රමය ඉදිරිපත් කළේය.

Lei cha සෑදීමේ ක්‍රමය Changde හි අස්පර්ශනීය සංස්කෘතික උරුමයකි. Lei cha කියන්නේ සහල්, ඉඟුරු සහ තේ කොළ බඳුනක පොඩි කර උණ වතුර සමඟ මිශ්‍ර කිරීමෙන් සාදන ලද තේ පානයකි. එම සිරිත වසර 2,000කට වැඩි කාලයක සිට පැවත එන්නකි. අමුත්තන් පැමිණෙන විට හෝ ප්‍රීතිමත් උත්සවයක් පවත්වන විට, Changde පුරවැසියෝ Lei cha පානය කරති. එම සිරිත මිනිසුන් අතර බැඳීම සමීප කරවන අතර, එය ආගන්තුක සත්කාරය සඳහා එහි ඉහළම ආචාර විධියක් ද වේ.

සාම්ප්‍රදායික Lei cha සීතල හා තෙතමනය දුරු කිරීමේ බලපෑමක් ඇති කළද, එහි අද්විතීය රසය පුළුල් ලෙස පිළිගනු නොලැබේ. ඉතිං එම සම්ප්‍රදාය ජනප්‍රිය කරන්නේ කෙසේ ද?  Xie Yuan ඒ සඳහා බොහෝ උත්සාහ කර තිබේ. පසුගිය වසර කිහිපය තුළ, නව ක්‍රම ඒකාබද්ධ කර Lei cha රසය පිළිබඳ මිනිසු‍න්ගේ පුරුදු විදිය වෙනස් කිරීමට ඔහු කටයුතු කරමින් සිටී. වෙළඳපල ඉල්ලුම මත පදනම්ව, ඔහු මල්, කිරි, පලතුරු Lei cha එකට එක් කරයි. අයිස් හෝ උණුසුම් Lei cha දෙකම සැදීමට ඔහු උත්සාහ කර ඇත. ඊට අමතරව, Lei cha රස විඳීමේදී ඔහු නව චීන ආහාරපාන සංස්කෘතිය සහිත රසකැවිලි සකස් කර ඇත. එමඟින් Lei cha රස විඳීම පෙරට වඩා සරල හා පහසු වෙයි.  

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම