ගාසා තීරයේ කඩිනම් සටන් විරාමයක් ක්‍රියාවට නංවන්නැයි යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක්
2024-03-21 11:21:09
Share with:

ගාසා තීරයේ කඩිනම් සටන් විරාමයක් ක්‍රියාවට නංවන්නැයි යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

යුරෝපා කොමිසමේ සභාපතිනි Ursula Von der Leyen මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා ඊයේ (20) බ්‍රසල්ස් නුවර දී පැවැත්වූ හමුවෙන් පසු නිකුත් කෙරුණු ඒකාබද්ධ ප්‍රකාශනයක මේ බව දැක්වේ.

වත්මන් ගාසා තීරය බරපතල සාගතයකට මුහුණ පා ඇත. මේ හේතුවෙන් කඩිනම් සටන් විරාමයකට එකඟ වන ලෙසත්, රැඳවුම් භාරයේ සිටින පුද්ගලයන් නිදහස් කරන ලෙසත් යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටී. මානුෂීය සහනාධාර වැඩි  වශයෙන් ගාසා තීරයට ලබා දීම සඳහා අවශ්‍ය පසුබිම සකසන ලෙස ද අදාළ දෙපාර්ශ්වයෙන් ඉල්ලා සිටින බව ප්‍රකාශනයේ සඳහන් වේ.

මේ අතර, ජෝර්දාන හමුදාව විවිධ රටවල් සමග එක්ව ඊයේ (20) ගාසා තීරයේ උතුරු ප්‍රදේශයට ගුවනින් ආහාර බෙදාහැරීමේ වැඩසටහන් 6 ක් ක්‍රියාවට නංවා ඇත. ජෝර්දානය, ඊජිප්තුව, ජර්මනිය, සිංගප්පූරුව හා ඇමරිකාව ඇතුළු රටවල ගුවන් යානා 6 ක් ඊට සහභාගි විය. ඒ අතරින් සිංගප්පූරුව ගාසා තීරය වෙත ගුවනින් ආහාර බෙදාහැරීමට එක් වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම