චීනය සිය අංගසම්පූර්ණ න්‍යෂ්ටික කර්මාන්ත දාමය සහතික කරයි
2024-03-20 11:40:48
Share with:

ස්වාධීන මෙන්ම අංගසම්පූර්ණ න්‍යෂ්ටික කර්මාන්ත දාමයක් සහිත රටවලින් එකක් බව‍ට චීනය පත් ව ඇතැයි චීන න්‍යෂ්ටික සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් Wang Shoujun මහතා පවසයි. ඔහු මේ බව කියාසිටියේ, ඊයේ (19) පැවති, 2024 චීන ජාත්‍යන්තර න්‍යෂ්ටික කර්මාන්ත ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.

චීනයේ අභ්‍යන්තර ගොඩබිම් ප්‍රදේශයේ න්‍යෂ්ටික විදුලි ජනක කට්ටල 55 ක් ක්‍රියාවට නංවා ඇත. එය ලොව තුන්වැනි ස්ථානය හිමිකරගෙන තිබේ. දැනට ඉදිකෙරෙමින් පවතින න්‍යෂ්ටික විදුලි ජනක කට්ටල 26 ක් ද චීනයේ පවතී. එය ලෝකයේ පළමුවැනි ස්ථානය ගන්නා බව ද Wang Shoujun මහතා එහිදී පැවසීය. 2022, 2023 වසරවල වාර්ෂිකව න්‍යෂ්ටික විදුලි ජනක කට්ටල දෙකක ක්‍රියාකාරීත්වය සහතික කරමින් චී‍නයේ න්‍යෂ්ටික විදුලි පහසුකම් අධිගුණාත්මක සංවර්ධන මාර්ගයට ප්‍රවේශ වී ඇත.

මෑත වසර කිහිපය තුළ චීනයේ න්‍යෂ්ටික විද්‍යා තාක්ෂණ නිර්මාණශීලිත්ව පද්ධතිය හා හැකියාව ද ප්‍රශස්ත ලෙස වැඩිදියුණු වී තිබේ. චීනයේ න්‍යෂ්ටික විදුලි කර්මාන්තය සමස්තයක් වශයෙන් කිලෝවොට් පැය ට්‍රිලියන 4 ක් ජනනය කර ඇත. ඒ අතරින් 2023 වසරේ උත්පාදනය කිලෝවොට් පැය බිලියන 430 කි. එය කාබන් ඩයොක්සයිඩ් ටොන් මිලියන 320 ක් විමෝචනය වැළැක්වීම හා සමාන ය. ඉන් ගෝලීය දේශගුණ විපර්යාසයන්ට එරෙහි සාධනීය ප්‍රතිචාර දැක්වීමක් බව ද Wang Shoujun මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම