ඊජිප්තුව හරහා චීනය පලස්තීනයට නව ආධාර සපයයි
2024-03-20 10:38:21
Share with:

ගාසා තීරයේ මානුෂීය තත්ත්වය සමනය කිරීම සඳහා, ඊජිප්තුව හරහා චීනය පලස්තීනයට නව ආධාර සපයයි.

චීනය පලස්තීනයට මුදල් ආධාර ලබා දුන් අතර, ඊජිප්තුව හරහා ආහාර, ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ආධාර ඛාණ්ඩ දෙකක් ලබා දෙන බව ඊජිප්තුවේ චීන තානාපති කාර්යාලය ඊයේ (19) ප්‍රකාශ කළේය.

රාමසාන් මාසය මේ වන විට ආරම්භ වී තිබේ. ගාසා තීරයට ආහාර සැපයීමේ ප්‍රයත්නයන් චීනය වේගවත් කරමින් සිටී. එළඹෙන 28 වැනිදා වන විට, පලස්තීනය වෙත චීනයේ සහල් ආධාර ඊජිප්තුවේ Said වරායට‍ ළඟ වනු ඇත. ඉන් පසු එම ආධාර Rafah වරාය හරහා ගාසා වෙත ප්‍රවාහනය කිරීමට නියමිත බව ප්‍රකාශ කෙරිණ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම