චීනයට එරෙහි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශයට චීනයේ දැඩි විරෝධය
2024-03-20 18:18:26
Share with:

ගෝලීය තොරතුරු පරිසරය විකෘති කරන බවට චීනයට චෝදනා කරමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken කර ඇති ප්‍රකාශයට චීනය දැඩි විරෝධය පළ කරයි.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද (20) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී සඳහන් කළේ මේ පිළිබඳව ඇමරිකාවට දැඩි නියෝජනයක් ඉදිරිපත් කර ඇති බවයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken පසුගිය 18 වැනිදා ඊනියා “ප්‍රජාතන්ත්‍රවාදී නායක සමුළුවේදී” ගෝලීය තොරතුරු පරිසරය විකෘති කරන බවට චීනයට චෝදනා කළේය. මේ පිළිබඳව අද (20) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී වාර්තාකරුවෙකු කළ විමසීමකට පිළිතුරු දෙමින් Lin Jian මහතා මේ බව පැවසීය.

 “ඒකාධිපතිවාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය භාවිත කිරීම” අතිශයෝක්තියට නැංවීම සඳහා ඊනියා “ප්‍රජාතන්ත්‍රවාදී නායක සමුළුව” භාවිත කිරීම ව්‍යාජ ආඛ්‍යානයක් බව Lin Jian මහතා පෙන්වා දුන්නේය. චීනය අසත්‍ය තොරතුරු පතුරවන බවට චෝදනා කිරීමම අසත්‍ය තොරතුරු පැතිරවීමක් බව හෙතෙම කීය.

මාධ්‍ය මිලදී ගැනීම වැනි රහසිගත ක්‍රම මගින් චීනයට එරෙහිව ඇමරිකාව මඩ ප්‍රකාශ පතුරවන බව ඇමරිකානු මධ්‍යම බුද්ධි‍ ‍තොරතුරු ඒජන්සියේ අධ්‍යක්ෂවරයා ඇතුළු ඇමරිකානු දේශපාලනඥයන් කිහිප වතාවක්ම පිළිගෙන ඇති බව Lin Jian මහතා පැවසීය. ඇමරිකාව වසර ගණනාවක් පුරා සංවිධානාත්මකව සහ සැලසුම් සහගතව චීනය හා සම්බන්ධ වැරදි තොරතුරු පතුරුවා හරිමින් සිටින බව මෙම සියල්ල මගින් සනාථ වන බවත් ඔහු සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම