දකුණු චීන මුහුදු ප්‍රශ්නය අවුස්සමින් ගැටළු ඇති නොකරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි
2024-03-20 10:35:06
Share with:

දකුණු චීන මුහුදු ප්‍රශ්නයට අදාළව ගැටළු ඇති නොකරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. 

පිලිපීනයේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයා අද (20) මේ බව පැවසුවේ, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පිලිපීනයේ සංචාරය කළ අවස්ථාවේ දකුණු චීන මුහුදු කලාපය පිළිබඳව කළ වැරදි ප්‍රකාශ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය පැහැදිලි කරමිනි. මෑතකදී දකුණු චීන මුහුදු කලාපයේ හටගත් නොසන්සුන් තත්ත්වය පිළිබඳව වගකිව යුත්තේ චීනය නොවේ. තම රටේ ස්වාධිපත්‍යය හා සාගර අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ හා ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට එරෙහිව චීනයට අනිවාර්ය පියවර ගැනීමට සිදුවූ බව ඔහු පෙන්වා දුන්නේය. චීනය එම කලාපයේ ක්‍රියාවට නැංවූ නීත්‍යනුකූල පියවරයන්ට එරෙහිව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කළ වැරදි ප්‍රකාශ හා අහේතුක චෝදනාවන්ට චීනය දැඩි විරෝධය පළ කරයි.

ඇමරිකාව, දකුණු චීන මුහුදු ප්‍රශ්නයට අදාළ පාර්ශ්වයක් නොවේ. චීනය හා පිලිපීනය අතර ඇති සමුද්‍රීය ගැටළුවට මැදිහත්වීමට ද එරටට අයිතියක් නොමැත. මෑතකදී එම කලාපයේ ඇති වූ නොසන්සුන් තත්ත්වය, ඇමරිකාව විසින් පිලිපීනය උසිගැන්වීමේ ප්‍රතිඵලයකි. දකුණු චීන මුහුදු ප්‍රශ්නය සම්බන්ධයෙන් ගැටළු ඇති කිරීම මෙන්ම එක් පාර්ශ්වයක් වෙනුවෙන් ඉදිරිපත් වීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද එම ප්‍රකාශකයා පවසා ඇත.  

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම