ඇමරිකාවට පැමිණෙන චීන පුරවැසියන්ට අසාධාරණ ලෙස සැලකීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කළ යුතු බව චීනය පවසයි
2024-03-20 19:06:08
Share with:

ඇමරිකාවට පැමිණෙන චීන පුරවැසියන් අසාධාරණ ලෙස පරීක්ෂාවට ලක්කරමින් සහ ඔවුන්ට හිංසා කරමින් චීනය වෙත ආපසු එවීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා වින්දිතයින්ට පැහැදිලි කිරීමක් සිදු කළ  යුතු බව චීනය කියා සිටී.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද(20) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

වොෂින්ටන් පෝස්ට් පුවත්පත, ඇමරිකාවට පැමිණ අසාධාරණ ලෙස පරීක්ෂාවට ලක් කොට හිංසා කරමින් චීනය වෙත ආපසු එවූ චීන සිසුන් 6 දෙනෙකු සහ සංචාරක ශාස්ත්‍රඥයන් 2 ‍දෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වා විශේෂ වාර්තාවක් පළ කළේය. එම සිද්ධිය ඇමරිකාවේදී අවධානයට යොමුව තිබේ.

ඒ සම්බන්ධයෙන් Lin Jian මහතා පැවසුවේ, ඇමරිකාව චීන සිසුන්ට එරෙහිව වෙනස් කොට සලකා, නිරන්තරයෙන් දේශපාලනික සහ තෝරාගත් ආකාරයෙන් නීති ක්‍රියාත්මක කරමින් චීන පුරවැසියන්ගේ නීත්‍යනුකූල හා සාධාරණ අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කරන බවයි.

ඇමරිකාවේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් චීනය දැඩි විධිවිධාන අඛණ්ඩව ක්‍රියාත්මක කොට තම පුරවැසියන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතාවන් අඛණ්ඩව ආරක්ෂා කරන බව ද Lin Jian මහතා එහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම