බොස්නියා-හර්සගොවිනා රාජ්‍යය යුරෝපා සංගමයට එක්වීම පිළිබඳ සාකච්ඡා සම්බන්ධයෙන් සාමාජික රටවල මතභේදයක්
2024-03-20 12:47:19
Share with:

යුරෝපා සංගම් අමාත්‍ය සමුළුව පැවැත්වේ. එය බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර දී ඊයේ (19) පැවැත්විණ. බොස්නියා-හර්සගොවිනා රාජ්‍යය යුරෝපා සංගමයට ඇතුළු වීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට යුරෝපා සංගම් සාමාජික රටවල් එහිදී අසමත් වී ඇත.

ජර්මනිය, ඔස්ට්‍රියාව සහ ක්‍රොඒෂියාව යන රටවල් එහිදී කියාසිටියේ, මීට අදාළ සාකච්ඡා කඩිනමින් ආරම්භ කළ යුතු බවයි. බොස්නියා-හර්සගොවිනා රාජ්‍යය තම රටේ ප්‍රතිසංස්කරණ අතින් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති අතර, යුරෝපා සංගමය ඊට ගරු කළ යුතු බව එම නියෝජිතයෝ පැවසූහ. එහෙත්, ප්‍රංශය, නෙදර්ලන්තය සහ ඩෙන්මාර්කය මේ සම්බන්ධයෙන් සැක සහිත ව පසුවෙයි.

පසුගිය දෙසැම්බර් 15 වැනිදා, යුරෝපා කවුන්සිලය නිල වශයෙන් බොස්නියා-හර්සගොවිනා රාජ්‍යයට යුරෝපා සංගම් අපේක්ෂක සාමාජිකත්වය පිරිනැමීය. එරට යුරෝපා සංගමයට එක්වීම පිළිබඳව සාකච්ඡා ඇරඹිය යුතු බව යුරෝපා කවුන්සිලය යෝජනා කළේ ඉකුත් මාර්තු 12 වැනිදා යි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම