ඩොමිනිකා රාජ්‍යයේ අගමැතිවරයා චීනයේ නිල සංචාරයක නිරතවීමට සූදානම්
2024-03-20 17:26:18
Share with:

ඩොමිනිකා රාජ්‍යයේ අග්‍රාමාත්‍ය Roosevelt Skerrit මහතා චීනයේ නිල සංචාරයකට එක්වන බව චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කරයි. අද(20) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී එහි ප්‍රකාශක Lin Jian මහතා මේ බව සඳහන් කළේය.

චීනය හා ඩොමිනිකා රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 20වැනි සංවත්සරය මෙම වසරට යෙදී  තිබේ. එය නිමිති කරගෙන එරට අග්‍රාමාත්‍යවරයා චීනයේ නිල සංචාරය සිදු කරනු ඇත. ද්විපාර්ශ්වික සබඳතාව හා පොදු සැලකිල්ලට ලක්වන ප්‍රශ්න එහිදී අවධානයට යොමු වනු ඇත. දෙරට සබඳතාවේ අනාගතය පොදුවේ සැලසුම් කිරීමට ද අපේක්ෂා කෙරෙන බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම