ගාසා තීරයේ සටන් විරාම සාකච්ඡා එකඟතාවකට පැමිණ නොමැති බවට කටාරයෙන් ප්‍රකාශයක්
2024-03-20 11:11:15
Share with:

ගාසා තීරයේ සටන් විරාම සාකච්ඡා එකඟතාවකට පැමිණ නැති බවත් කටාර් රාජ්‍යය සාකච්ඡා සම්බන්ධයෙන් පූර්ණ සුබවාදීව පසු නොවන බවත් කටාර් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Majed al-Ansari මහතා ඊයේ(19) පැවසීය. සාකච්ඡා මේ වනවිටත් පැවැත්වෙන නමුත් කිසිදු ප්‍රතිඵලයක් අත් කර ගෙන නොමැති බව Ansari මහතා එදින සතිපතා මාධ්‍ය හමුවේදී පවසා ඇත. එකඟතාවකට පැමිණෙන තෙක් සාකච්ඡා අඛණ්ඩව සිදු කෙරෙනු ඇතැයි කටාර් රාජ්‍යය අපේක්ෂා කරයි.

දකුණු ගාසා තීරයේ රෆා නගරයේ යුද්ධයක් ආරම්භ වුවහොත් මානුෂීය ව්‍යසනයකට තුඩු දෙනු ඇත. තත්ත්වය වඩාත් බරපතල වීමෙන් එය සාකච්ඡා සඳහා බලපෑමක් ඇති කරනු ඇති බවට හෙතෙම අනතුරු ඇඟවීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම