චීනයෙන් තවත් සන්නිවේදන චන්ද්‍රිකාවක් සාර්ථකව උඩුගුවනට
2024-03-20 10:52:55
Share with:

චීනයේ Queqiao අංක 2 සන්නිවේදන චන්ද්‍රිකාව සාර්ථකව අභ්‍යවකාශගත කෙරේ.

චීනයේ චන්ද්‍ර ගවේෂණ ව්‍යපෘතියේ 4 වැනි අදියරට අයත් Queqiao අංක 2 චන්ද්‍රිකාව අද (20) පෙරවරු 8.31ට දකුණු චීනයේ Wenchang අභ්‍යවකාශ නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් සාර්ථකව නිකුත් කරනු ලැබීය. ඒ, Long March 8 Y3 රොකට්ටුවේ ආධාරයෙනි.

චීන චන්ද්‍ර ගවේෂණ ව්‍යපෘතියේ කේන්ද්‍රීය කොටසක් වන මෙම චන්ද්‍රිකාව මගින්,  Chang'e-4, Chang'e-6 යන චන්ද්‍ර ගවේෂණ චන්ද්‍රිකා සඳහා පෘථිවිය හා සඳ අතර සන්නිවේදන සේවා සැපයෙනු ඇත. ඊට අමතරව, එම චන්ද්‍රිකාව විවිධ සන්නිවේදන උපාංග රැගෙන යමින් විද්‍යා ගවේෂණ ද ක්‍රියාත්මක කරනු ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම