‘ප්‍රජාතන්ත්‍රවාදය:සමස්ත මානවයාගේ පොදු වටිනාකම’ යන මැයෙන් යුත් 3වැනි ජාත්‍යන්තර සංසදය බෙයිජිං හිදී
2024-03-20 19:37:49
Share with:

‘ප්‍රජාතන්ත්‍රවාදය:සමස්ත මානවයාගේ පොදු වටිනාකම’ යන මැයෙන් යුත් 3වැනි ජාත්‍යන්තර සංසදය පැවැත්වෙයි. එය අද(20) බෙයිජිං නුවරදී සාර්ථක ව පැවැත්විණ.

රටවල්, කලාප හා ජාත්‍යන්තර සංවිධාන රැසකින් පැමිණි ආරාධිත අමුත්තෝ 200කට වැඩි පිරිසක් එහිදී ‘ප්‍රජාතන්ත්‍රවාදය හා පාලනයේ නවීකරණය’ ‘ඩිජිටල් යුගයේ ප්‍රජාතන්ත්‍රවාදය හා නීතිමය පාලනය’ ඇතුළු තේමා පිළිබඳව සාකච්ඡා කළහ.

ප්‍රජාතන්ත්‍රවාදය, චීන කොමියුනිස්ට් පක්ෂයේ හා චීන ජනතාවගේ ඒකායන ලුහුබැඳීමකි. දිගුකාලීන ගවේෂණයකින් චීන ලක්ෂණයන්ගෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදය චීනය සොයා ගෙන ඇත. කෝටි 140ක ජනගහනයේ ජනතාවාදී අයිතිවාසිකම් එමගින් තහවුරු කර ඇතැයි එම සංසදයට එක්ව සිටි අමුත්තන්ගේ පොදු අදහස විය .

එසේ ම, විවිධ රටවල ජනතාවට සිය අභිමතයන් පරිදි සංවර්ධන ක්‍රමය තෝරා ගැනීමේ අයිතියට ගරු කළ යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදය මුවාවෙන් ජගත් ප්‍රජාව තුළ බෙදීම් ඇති කිරීම, අගතීන් පැතිරවීම හා සාමය විනාශ කිරීමට එරෙහි විය යුතු බව ද ඔවුහු අවධාරණය කළහ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම