චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ“ජාතික ආරක්ෂක රෙගුලාසි පනත් කෙටුම්පත”පිළිබඳව ඇතැම් පාර්ශ්ව සිදු කර ඇති ප්‍රකාශයන්ට චීනයේ දැඩි විරෝධය
2024-03-20 18:23:13
Share with:

ඇමරිකාවා, බ්‍රිතාන්‍යය, ජපානය සහ යුරෝපා සංගමය චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ“ජාතික ආරක්ෂක රෙගුලාසි පනත් කෙටුම්පත”පිළිබඳව වගකීම් විරහිත ප්‍රකාශ සිදු කිරීම පිළිබඳව චීනය දැඩි අතෘප්තිය සහ දැඩි විරෝධය පළ කරයි.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද (20) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.

චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ව්‍යවස්ථාදායක සභාව ඊයේ (19) “ජාතික ආරක්ෂක රෙගුලාසි පනත් කෙටුම්පත” ඒකමතිකව සම්මත කළේය. ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ජපානය, යුරෝපා සංගමය මේ පිළිබඳව වගකීම් විරහිත ප්‍රකාශ සිදු කර තිබේ.

චීනයේ හොංකොං “ජාතික ආරක්ෂක රෙගුලාසි පනත් කෙටුම්පත”ට ඇතැම් රටවල් සහ ආයතන  මඩ ගැසීම සම්බන්ධයෙන් චීනය දැඩි අතෘප්තිය සහ දැඩි විරෝධය පළ කරන බව Lin Jian මහතා  අද ( 20) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට ‍පිළිතුරු දෙමින් පැවසීය.

 “ජාතික ආරක්ෂක රෙගුලාසි පනත් කෙටුම්පත” ඒකමතික ව සම්මත වීම නවක යුගයේ “එක් රටක් ක්‍රම දෙකක්” සංවර්ධනයේ වැදගත් සන්ධිස්ථානයක් බව ද ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම