චීන-යුරෝපා මූල්‍ය කාර්ය කණ්ඩායමේ ප්‍රථම සමුළුව බෙයිජිංහිදී
2024-03-20 17:31:53
Share with:

චීන-යුරෝපා මූල්‍ය කාර්ය කණ්ඩායමේ ප්‍රථම සමුළුව පැවැත්වේ.

එය පසුගිය 18වැනිදා හා 19වැනිදා බෙයිජිංහිදී පැවැත්විණ.

10වැනි චීන-යුරෝපා ආර්ථික හා වෙළඳ උසස් පෙළේ සංවාදයේදී නායක දෙපළ එළඹි පොදු එකඟතාවන්ට අනුව පිහිටුවා ඇති සහයෝගිතා ක්‍රමවේදයක් වන චීන-යුරෝපා මූල්‍ය කාර්ය කණ්ඩායමේ අරමුණ, මූල්‍ය ක්ෂේත්‍රයේ හුවමාරු ගැඹුරු කොට සහයෝගිතා ශක්තිමත් කිරීමය.

දෙපාර්ශ්වයේම මූල්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තු එම සමුළුවේදී චීන-යුරෝපා සාර්ව ආර්ථික හා මූල්‍ය ස්ථායිතා තත්ත්වය සහ මූල්‍ය නියාමන රාමුව හඳුන්වා දුන් අතර මූල්‍ය ආයතනවල අධීක්ෂණයේ සහයෝගීතාව වැනි කරුණු පිළිබඳව සාකච්ඡා කළහ.

චීන-යුරෝපා මූල්‍ය කාර්ය කණ්ඩායම, ප්‍රතිපත්ති සන්නිවේදනය සඳහා වැදගත් නාලිකාවක්, ප්‍රායෝගික ගැටලු විසඳීමේ ප්‍රධාන වේදිකාවක් මෙන්ම ගෝලීය ආර්ථික හා මූල්‍ය ගැටලු සාකච්ඡා කිරීම සඳහා ප්‍රයෝජනවත් සංසදයක් බවට පත්විය හැකි බවට දෙපාර්ශ්වයම විශ්වාස පළ කර තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම