හොංකොං හී ස්ථාවරත්වය සුරකින ජාතික ආරක්ෂක රෙගුලාසි පනත් කෙටුම්පත
2024-03-20 20:42:23
Share with:

අපේක්ෂා කළ පරිදි, චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ව්‍යවස්ථාදායක සභාව ඊයේ (19) “ජාතික ආරක්ෂක රෙගුලාසි පනත් කෙටුම්පත” ඒකමතිකව සම්මත කර හොංකොං මූලික නීතියේ 23 වැනි වගන්තියේ නීති සම්පාදනය සාර්ථකව නිම කිරීමෙන් පසුව, යුරෝපා කවුන්සිලය සහ බ්‍රිතාන්‍ය විදේශ හා සංවර්ධන ලේකම් David Cameron ඇතුළු බටහිර රටවල ඇතැම් පුද්ගලයින්, හොංකොං හි ජාතික ආරක්ෂක රෙගුලාසි වලට  එරෙහි වෙමින් ඊනියා “ප්‍රශ්න” මතු කළහ.

 “හොංකොං ස්වාධීනත්වය” සහ “කළු ප්‍රචණ්ඩත්වයේ” අවුල් සහගත බව  ජනතාවගේ මතකයේ පවතින තෙක්, ජාතික ආරක්ෂක නීති සම්පාදනයේ අවශ්‍යතාව ඔවුන්ට ගැඹුරින් වටහා ගත හැකිය. 2020 වසරේදී, හොංකොං සඳහා ජාතික ආරක්ෂක නීතිය ප්‍රකාශයට පත් කර ක්‍රියාත්මක කරන ලද අතර, හොංකොං හි සමෘද්ධිය සහ ස්ථාවරත්වය සඳහා එය වැදගත් අවශ්‍යතාවක් බවට පත් විය. මේ දක්වා වසර තුනකට වැඩි කාලයක් ගත වී ඇති අතර, හොංකොං අවුල් සහගත තත්ත්වයන් පාලනයට  ඉන් හැකිව ඇත. කෙසේ වෙතත්, හොංකොං මුහුණ දෙන ජාතික ආරක්ෂක අභියෝග තවමත් සංකීර්ණ සහ දරුණු ය. හොංකොං ජාතික ආරක්ෂක නීතිය සහ එහි පවතින අනෙකුත් නීති ජාතික ආරක්ෂාවට අනතුරක් විය හැකි විවිධ හැසිරීම් සහ ක්‍රියාකාරකම් සඳහා පුළුල් ලෙස ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාණවත් නොවේ. මෙවර හොංකොං “ජාතික ආරක්ෂක රෙගුලාසි පනත් කෙටුම්පත” සම්මත කිරීම දැනටමත් ක්‍රියාත්මක හොංකොං ජාතික ආරක්ෂක නීතිය සමඟ ඓන්ද්‍රීයව සම්බන්ධ වී, ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ හොංකොං හි අඩුපාඩු සපුරයි. එය සැබවින්ම හොංකොං හි දිගුකාලීන සාමය සහ ස්ථාවරත්වය සහ “එක් රටක් ක්‍රම දෙකක්” දිගුකාලීන සංවර්ධනය සහතික කරන්නකි.

හොංකොං විශේෂ පරිපාලන කලාපයේ රජය මෑතකදී 2024 වසරේ දී හොංකොං ආර්ථිකය තවදුරටත් වර්ධනය වනු ඇතැයි අනාවැකි පළ කළ අතර, ආර්ථික වර්ධන වේගය 2.5% සහ 3.5% අතර වනු ඇතැයි අපේක්ෂා කෙරේ. චීනයේ ජාතික “14 වැනි පස් අවුරුදු සැලැස්ම”, Guangdong-හොංකොං-මැකාවෝ මහා බොක්ක ප්‍රදේශය ඉදිකිරීම සහ“එක් තීරයක් එක් මාවතක්” උසස් තත්ත්වයේ ඒකාබද්ධ ඉදිකිරීම ගැඹුරින් ක්‍රියාත්මක කිරීමෙන් හොංකොං වෙත සංවර්ධන ගම්‍යතාව අඛණ්ඩව එන්නත් කරනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම