පාකිස්ථානය සමග සහයෝගතා පුළුල් කිරීමට සූදානම් බව චීනය කියයි
2024-03-19 18:12:23
Share with:

දෙරටේ ජනතාවට වඩා හොඳ ප්‍රතිලාභයන් ගෙන දීම  සඳහා පාකිස්ථානය සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව චීනය පවසයි.

චීනය සහ පාකිස්ථානය අතර සබඳතාව  පිළිබද අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද (19) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.

චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල ඒකාබද්ධ ඉදිකිරීම් සඳහා වැදගත් නියමු ව්‍යාපෘතියක් බව ද හෙතෙම කීය. වරාය, ප්‍රවාහන යටිතල පහසුකම්, බලශක්ති කර්මාන්තය සහ අනෙකුත් ක්ෂේත්‍රවල සහයෝගීතාවයන්හී සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට ඉන් හැකිව තිබේ. පසුගිය වසරේ  දී දෙපාර්ශ්වය චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව  ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ දසවැනි සංවත්සරය උත්කර්ෂවත් ලෙස සැමරූහ. දෙරටේ නායකයින් චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව උසස් තත්ත්වයෙන් ඒකාබද්ධව ගොඩනැගීම සම්බන්ධයෙන් නව එකඟතාවකට පැමිණියහ. දෙරටේ නායකයින් විසින් ඇති කර ගත් වැදගත් සම්මුතියට අනුව මෙහෙයවනු ලබන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීම සඳහා පාකිස්ථානය සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Lin Jian මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම