චීන-ඇමරිකා තරුණ හුවමාරු ක්‍රියාකාරකමක් බෙයිජිංහිදි සාර්ථකව පැවැත්වේ
2024-03-19 10:20:25
Share with:

චීන-ඇමරිකා තරුණ හුවමාරු ක්‍රියාකාරකමක් ඊයේ (18) බෙයිජිංහි දී සාර්ථකව පැවැත්විණ.

‘ඇමරිකානු තරුණයන් 50,000ක් චීනයට පැමිණීම’ පිළිබඳ තරුණ හුවමාරු වැඩසටහනේ කොටසක් ලෙස, “ඈත සිට පැමිණෙන මිතුරන්” නමැති මෙම විශේෂ ක්‍රියාකාරකම චීන මාධ්‍ය සමූහය හා ඇමරිකා-චීන තරුණ ශිෂ්‍ය හුවමාරු සංගමය ඒකාබද්ධව සංවිධාන කළේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානි හා චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා, ඇමරිකාවේ වොෂින්ටනයේ ස්ට්‍රැකෝන් නගරාධිපති Richard Walter Muri මහතා, චීන අධ්‍යාපන ජාත්‍යන්තර හුවමාරු සංගමයේ නියෝජ්‍ය මහලේකම් Fu Bo මහත්මිය එම ක්‍රියාකාරකමට එක්වෙමින් දේශන පැවැත්වූහ.

චීන-ඇමරිකා සබඳතාවේ පදනම හා බලාපොරොත්තුව ජනතාව තුළ පවතින අතර එහි අනාගතය තරුණයන් සතුව පවතී. එමෙන්ම එහි ජීව ශක්තිය රඳා පවතින්නේ දෙරටේ අන්තර් ප්‍රදේශ හුවමාරුවල බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පෙන්වා දී ඇතැයි Shen Haixiong මහතා එහිදී පැවසීය. මෙවර ක්‍රියාකාරකමට එක් ව සිටින සියලු මිතුරන් දෙරටේ සබඳතාවේ පදනම, බලා‍පොරොත්තුව, අනාගතය හා ජීව ශක්තිය වන බව ද හෙතෙම සඳහන් කළේය. ජනතාව අතර මිත්‍රත්වය හා දෙරටේ සබඳතාවේ වර්ධනය සඳහා, නව සම්බන්ධතා ඇති කර ගනිමින් අන්‍යෝන්‍ය අධ්‍යයනයක නිරත වන ලෙස Shen Haixiong මහතා එහිදී ඉල්ලීමක් කළේය..

මෙවර චීනයට පැමිණි ‍ඇමරිකානු සිසුන් 24 දෙනා චීනයේ සැබෑ තත්ත්වය මනාව අවබෝධ කර ගෙන දෙරටේ මිත්‍රත්වයේ තරුණ දූතයන් බවට පත් වනු ඇතැයි අපේක්ෂා කරන බව Richard Walter Muri මහතා එහිදී සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම