නව ඉලක්ක සඳහා චීන ආර්ථිකයේ දැවැන්ත පිම්මක්
2024-03-19 10:12:19
Share with:

නව ගුණාත්මක ඵලදායිතාව යන්න, චීන ආර්ථිකය පිළිබඳව නිරන්තරයෙන් භාවිත වන නව යෙදුමක් වී තිබේ. නවීන කර්මාන්ත පද්ධතියේ සංවර්ධනය ප්‍රබල ලෙස ඉදිරියට ගෙන යමින් නව ගුණාත්මක ඵලදායිතාවේ සංවර්ධනය කඩිනම් කිරීම, රටේ ප්‍රමුඛ කාර්යභාරය වන බව මෙම වසරේ රාජ්‍ය කාර්ය වාර්තාවේ සඳහන් වී තිබේ. කාර්මික අන්තර්ජාලය යන නව නිෂ්පාදන ක්‍රමෝපාය භාවිතයත් සමග නිෂ්පාදන ක්‍රියාදාමයේ උත්ශ්‍රේණිගතවීම් සඳහා වැඩි පෙළඹවීමක් ඇති වී තිබේ.

වසර 2023නේ චීන කාර්මික අන්තර්ජාල ක්ෂේත්‍රයේ ප්‍රධාන කර්මාන්තවල නිෂ්පාදන ධාරිතාවේ වටිනාකම යුවාන් ට්‍රිලියන 1.3ක් ඉක්මවා ගොස් ඇත. කාර්මික ක්ෂේත්‍රයේ ප්‍රමුඛම බුද්ධිමය තාක්ෂණ නිෂ්පාදනය පිළිබඳ පුරෝගාමී කර්මාන්තශාලාවල නාමාවලියට අලුතෙන් ඇතුළත් වූ කර්මාන්තශාලා 21ක් අතරින් 11ක් පිහිටා ඇත්තේ චීනයේ යැයි පසුගිය වසර අවසානයේ ලෝක ආර්ථික සංසදය විසින් නිකුත් කෙරුණු නාමාවලියේ දැක්වේ.

නවෝත්පාදන වාතාවරණයක් හමුවේ විදේශ ව්‍යාපාර රැසක් චීනයේ සංවර්ධන අවස්ථා ගවේෂණය කිරීමට පැමිණ තිබේ. පසුගිය ජනවාරි මාසයේ  චීනයේ අලුතෙන් ස්ථාපිත විදේශ ආයෝජනය සහිත ව්‍යාපාරවල සංඛ්‍යාව 4588ක් වන අතර පසුගිය වසරේ එම සංඛ්‍යාවට වඩා එය සියයට 74.4කින් වැඩි විය. විශේෂයෙන් බටහිර රටවල් චීනයේ කළ ආයෝජනයේ විශාල ඉහල යාමක් පෙන්නුම් කරයි. ඒ අතරින් ප්‍රංශ හා ස්වීඩන් ආයෝජනයන් වෙන් වෙන්ව 25ගුණකින් හා 11ගුණකින් වැඩි වීම විශේෂත්වයකි.

මේ අතර මෙම වසරේ මුල් මාස දෙක තුළ චීනයේ ආනයනය හා අපනයනය දෙකම පිළිබඳව ධනාත්මක වර්ධනයක් දක්නට ලැබිණ. සමස්ත භාණ්ඩ ආනයන හා අපනයන ප්‍රමාණය වසරින් වසර සියයට 8.7කින් වර්ධනය විය. චීනයේ විදේශ වෙළඳාමේ වේගවත් වර්ධනය ගෝලීය වෙළඳාම හා ආර්ථික පුනර්ජීවනයට ශක්තිමත් පිටුබලයක් වී තිබේ.

වාසිදායික සාධක රැසක් සමග, චීනයේ දැවැන්ත වෙළඳපොලේ ප්‍රාණවත්භාවය හා ව්‍යාපාරවල ධෛර්යසම්පන්න ගවේෂණය හේතුවෙන් චීන ආර්ථිකය ‘ධෛර්යවත් පිම්මක්’ සේ වසරේ ඉලක්කය සපරා ගෙන මුළු ලෝකයට උණුසුමක් ගෙන දීමට අපේක්ෂා කෙරේ. 

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම