චීන ජනපති වසන්ත කාලීන වගා කටයුතු විමසා බලයි
2024-03-19 19:01:19
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා වසන්ත කාලීන වගා කටයුතු ඇර‍ඹීමේ  සූදානම පරීක්ෂා කරයි.

අද (19) පස්වරුවේ ෂී ජින් පිං මහතා Changde නගරයේ Dingcheng දිස්ත්‍රික්කයේ Xiejiapu කෝරළයේ හෙක්ටයාර 670ක ධාන්‍ය නිෂ්පාදන ආදර්ශන කලාපයේ කුඹුරුවලට ගොස් බීජ පැල වගා කිරීම සහ බිම් සකසන ආකාරය පරීක්ෂා කළේය. එසේම, ඔහු මහ පරිමාණ වගා බිම් සහිත ගොවීන්, කෘෂි කාර්මික ශිල්පීන්, බිම් මට්ටමේ නිලධාරීන් සහ ගම්වැසියන් සමඟ සුහදව අදහස් හුවමාරු කර ගත් අතර වසන්තයේ වගා කටයුතු පිළිබඳව විස්තරාත්මකව විමසා සිටියේය.

ඉහළ ධාන්‍ය අස්වැන්නක් සහ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා වසන්ත කෘෂිකර්මය ඉතා වැදගත් බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. සිය වගකීම් තහවුරු කරමින් ගොවීන්ගේ ආදායම් සහතික කොට, මෙම වසරේ ධාන්‍ය නිමැවුම් සහ ගොවීන්ගේ ආදායම් නංවාලීම සඳහා හොඳ ආරම්භයක් ලබා දෙන ලෙස විවිධ කලාපවලින් හා විවිධ ආයතනවලින් හෙතෙම  ඉල්ලීමක් ද කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම