න්‍යෂ්ටික නිරායුධකරණය එක්ව සහතික කරන්නැයි චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලයි
2024-03-19 10:14:26
Share with:

න්‍යෂ්ටික නිරායුධකරණය හා නිර්ව්‍යාප්තිය ඒකාබද්ධව ඉදිරියට ගෙන යන ලෙස චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටී. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (18) න්‍යෂ්ටික නිරායුධකරණය හා නිර්ව්‍යාප්තිය පිළිබඳව රැස්වීමක් පැවැත්වීය. එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත චාං චුවෙන් මහතා ඊට එක්වෙමින් අදහස් පළ කළේය.

න්‍යෂ්ටික අවි සම්පූර්ණයෙන් තහනම් කර විනාශ කිරීමෙන් න්‍යෂ්ටික අවිවලින් තොර ලොවක් ස්ථාපනය කිරීම, ජගත් ප්‍රජාවේ පොදු අභිලාෂය බව ඔහු එහිදී කියා සිටියේ ය. ඒ සඳහා පොදු ආරක්ෂක සංකල්පයකට අනුකූලව, ස්ථාවර උපායමාර්ගික ආරක්ෂක පරිසරයක් ‍ගොඩ නගා ගත යුතු ය. එසේම, සංවර හා ප්‍රායෝගික ආකල්පයෙන් යුතුව ජාත්‍යන්තර න්‍යෂ්ටික නිරායුධකරණ ක්‍රියාවලිය පියවරෙන් පියවර ක්‍රියාත්මක කළ යුතු බව ද  චාං චුවෙන් මහතා පෙන්වා දෙයි. දේශපාලන මාර්ගයෙන් ජගත් න්‍යෂ්ටික නිර්ව්‍යාප්තකරණ පද්ධතිය රැක ගත යුතු අතර, පොදු සංවර්ධනය මූලික කරගනිමින් සාමකාමී ලෙස න්‍යෂ්ටික බලශක්තිය භාවිත කළ යුතු බව ද ඔහු පැවසීය.

කිසිදු ආකාරයක න්‍යෂ්ටික අවි තරගයකට චීනය එක් නොවන බව ද චාං චුවෙන් මහතා මෙහිදී අවධාරණය කළේය. න්‍යෂ්ටික නිරායුධකරණය හා නිර්ව්‍යාප්තිය ඒකාබද්ධව ඉදිරියට ගෙන යන ලෙස ඔහු ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම