ඇමරිකාව හා පිලිපීනය පවත්වන යුද සහයෝගිතා මගින් දකුණු චීන මුහුදේ චීනයේ ස්වාධිපත්‍යයට හානියක් සිදු නොවිය යුතු බව අවධාරණය කෙරේ
2024-03-19 18:32:17
Share with:

ඇමරිකාව හා පිලිපීනය පවත්වන යුද සහයෝගිතා මගින් දකුණු චීන මුහුදේ චීනයේ ස්වාධිපත්‍යයට හා සමුද්‍ර අයිතිවාසිකම්වලට හානියක් නොවිය යුතු  බව චීනය ප්‍රකාශ කරයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද(19) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

ඇමරිකාව පිලිපීනයට ලබා දූන් ආරක්ෂක පොරොන්දු සම්බන්ධයෙන් අදහස් දක්වමින් Lin Jian මහතා පැවසුවේ, ඇමරිකාව දකුණු චීන මුහුදේ ප්‍රශ්නයේ පාර්ශ්වකරුවෙකු නොවන අතර චීනය හා පිලිපීනය අතර සමුද්‍ර ආශ්‍රිත ගැටළු වලට මැදිගත් වීමට ද ඇමරිකාවට අයිතියක් නැති බවයි. ඇමරිකාව හා පිලිපීනය පවත්වන යුද සහයෝගිතා හේතුවෙන් පිලිපීනයේ නීතිවිරෝධී ප්‍රකාශ අනුමත නොකළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම