චීන-නවසීලන්ත සබඳතා සැමවිටම යහපත් සංවර්ධන මට්ටමක පවතින බව චීනය කියයි
2024-03-19 18:09:57
Share with:

චීන-නවසීලන්ත සබඳතා සැමවිටම යහපත් සංවර්ධන  මට්ටමක පවතින බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා පවසයි. අද (19) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී හෙතෙම මේ බව පැවසීය.

චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා ඊයේ (18) නවසීලන්තයේ නිල සංචාරයක නිරත විය. සංචාරය පිළිබඳ  වාර්තාකරුවෙකු  සිදු කළ විමසීමේ දී Lin Jian මහතා ඒ බව සඳහන් කළේය.

එම සංචාරය අතරතුර දී චීන විදේශ ඇමතිවරයා නවසීලන්ත අගමැති Christopher Lacson මහතා හමුවිය. එසේම, Wang Yi මහතා නවසීලන්ත නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය Winston Peters මහතා සමඟ ද සාකච්ඡා පැවැත්වූ අතර නවසීලන්තයේ වෙළඳ අමාත්‍යවරයා ද හමු විය.

චීනය සහ නවසීලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ සිට දෙරට අතර සබඳතා සැමවිටම  යහපත් මට්ටමක පවතින බවත්, එකිනෙකාට ගරු කිරීම, සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කිරීම සහ ජනතාවට ප්‍රතිලාභ සැලසීම චීන-නවසීලන්ත සබඳතා වර්ධනයේ දී සැලකිල්ලට ගත යුතු බවද Wang Yi මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම