චීන ජනපති Hunan පළාතේ Changde නගරයේ නිරීක්ෂණ චාරිකාවක
2024-03-19 18:32:40
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා Hunan පළාතේ Changde නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි.

හෙතෙම අද(19) එහි පිහිටි Changdehe වීදියට පැමිණියේය. ඓතිහාසික සංස්කෘතික වීදි ප්‍රතිසංස්කරණය හා ප්‍රයෝජනයට ගැනීම මෙන් ම නාගරික ජල පරිසරය පිළිබඳ තත්ත්වය හෙතෙම විමසා බැලීය.

අනතුරුව, ෂී ජින්පිං මහතා එම නගරයේ Dingcheng දිස්ත්‍රික්කයේ Gangzhongping ගම්මානය නිරීක්ෂණය කළේය. වසන්ත ඍතුවේ එහි වගා කටයුතු විමසා බැලූ හෙතෙම බිම් මට්ටමේ පාලන කාර්යක්ෂමතාව නංවාලීමේ තත්ත්වයන් කෙරෙහිද සිය අවධානය යොමු ක‍ළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම