2024 වසරේ ජාතික සැසිවාර දෙකින් පසු චීන ජනපති ප්‍රථම දේශීය නිරීක්ෂණ චාරිකාවට එක්වෙයි
2024-03-19 16:09:10
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(18) සවස චීනයේ Hunan පළාතේ Changsha නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. පසුගිය 11වැනි දා නිමාවට පත්වූ ජාතික සැසිවාර දෙකින් පසු ජනාධිපතිවරයා සිදු කළ ප්‍රථම දේශීය නිරීක්ෂණ චාරිකාව මෙයයි.

2012 වසරේ පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි කොංග්‍රසයෙන් පසු ජනාධිපතිවරයා Hunan පළාතේ නිරීක්ෂණ චාරිකාවට මෙවර එක් වූයේ සිව්වැනි වරටය. Hunan පළා‍ත යනු සමස්ත චීනයේ ආර්ථික වර්ධනයට පුළුල් දායකත්වයක් සපයන කලාපයකි. පසුගිය වසරේ එහි ආර්ථිකයේ සමස්ත නිමැවුම ප්‍රථම වරට යුවාන් ට්‍රිලියන 5 ඉක්මවා ගොස් තිබේ.

එම නිරීක්ෂණයේදී ෂී ජින්පිං මහතා ප්‍රථමයෙන් ම Hunan පළමු ගුරු විශ්වවිද්‍යාලයට පැමිණියේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ විප්ලවීය උරුමයන් එහි ප්‍රශස්ත අයුරින් යොදාගෙන ඇති ආකාරයත් සිසුන් උසස් මානව ගුණධර්ම ප්‍රගුණ  කරන අයුරුත් හෙතෙම විමසා බැලීය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි ජාතික කොංග්‍රසයෙන් පසු ජනාධිපතිවරයා බොහෝ අවස්ථාවලදී පාසල්වලට පැමිණියේ සිසුන් අතර උසස් මානව ගුණධර්ම ප්‍රගුණ කිරීම පිළිබඳ ප්‍රධාන මෙහෙවරට අවධානය යොමු කරමිනි. අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ සහ වෘත්තිකයන්  ෂී ජින්පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයේ දී ඉදිරිපත් කළ වාර්තාවේ අවධානයට ලක්විය. අධ්‍යාපනික බලවත් රටක් ලෙස ගොඩනැංවීමේ චීනයේ ඉහළ සැලකීම ඉන් පිළිබිඹු කෙරේ.

එම විද්‍යාලයේ නිරීක්ෂණයෙන් පසු ෂී ජින්පිං මහතා BASF බැටරි අමුද්‍රව්‍ය සමාගමේ නිරීක්ෂණය කළේය. මෙම සමාගම, ජර්මනියේ BASF රසායනික සමාගම හා චීනයේ FIRS සමාගම විසින් 2021 වසරේ ඒකාබද්ධව ස්ථාපිත කරන ලද්දකි. එම වසරේ Hunan පළාතේ විශාලතම විදේශ ආයෝජනයෙන් යුත් ව්‍යාපෘතිය ද මෙයයි.

ව්‍යවසායන්හි නවෝත්පාදනය විමසා බැලීමද ෂී ජින්පිං මහතාගේ මෙවර චාරිකාවේ දී අවධානයට ලක්විය. එම සමාගමේ නව ගුණාත්මක ඵලදායිතාව හා අධිගුණාත්මක විවෘතභාවය තහවුරු කිරීමේ තත්ත්වයන් හෙතෙම විමසා බැලුවේය. රටේ විවෘත භාවය පිළිබඳ උපායමාර්ගයට එක් වෙමින් ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදු ප්‍රයත්න යටතේ ගොඩනැංවීම හා සම්බන්ධ කරගෙන විදේශ වෙළඳාම සඳහා නිර්මාණශීලී වර්ධනය සහතික කළ යුතු බවට ෂී ජින්පිං මහතා සිය නිරීක්ෂණ චාරිකාවේදී Hunan පළාතට උපදෙස් දුන්නේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම