පාකිස්ථාන හමුදාව ඇෆ්ගනිස්ථානයේදී ත්‍රස්තවාදී මර්දන මෙහෙයුමක
2024-03-19 10:32:00
Share with:

පාකිස්ථාන හමුදාව ඊයේ (18) ඇෆ්ගනිස්ථානයේදී ත්‍රස්තවාදී මර්දන මෙහෙයුමක නිරත වූ බව පාකිස්ථාන විදේශ අමාත්‍යාංශය පවසයි. දෙරට දේශසීමාව ආශ්‍රිතව ඇෆ්ගනිස්ථානයට අයත් ප්‍රදේශයේ මෙය සිදු ව තිබේ.

මෙවර මෙහෙයුමට ඉලක්ක වූ ත්‍රස්තවාදීන් පිරිස පාකිස්ථානයට ප්‍රහාර ගණනාවක් එල්ල කර ඇත.  සිවිල් වැසියන් හා නිලධාරීන් සිය ගණනක් ඉන් මිය ගොස් ඇති බව ද පාකිස්ථාන විදේශ අමාත්‍යාංශය කියාසිටී.

ගෙවී ගිය දෙවසර තුළ පාකිස්ථානය අවස්ථා ගණනක දී ඇෆ්ගනිස්ථානයේ පවතින ත්‍රස්තවාදී සංවිධාන පිළිබඳව අවධානය යොමුකරන ලෙස එරට තාවකාලික රජයට දැනුම් දී තිබේ. එම ත්‍රස්තවාදීන්ගෙන් පාකිස්ථානයේ ආරක්ෂාවට බරපතල තර්ජන පවතින අතර, ඔවුන් ඇෆ්ගනිස්ථාන භූමිය ප්‍රයෝජනයට ගනිමින් අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බව තම රජය පවසා ඇතැයි ද පාකිස්ථාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ඇෆ්ගනිස්ථාන තාවකාලික රජයේ ප්‍රකාශකයා ඊයේ (18) සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් කියාසිටියේ, තම රජය මෙම ක්‍රියාව දැඩිව හෙළා දකින බවයි. ප්‍රතිවිපාක නොතකා ගත් එම පියවර, තම භූමිය ආක්‍රමණය කිරීමක් බව ද ඔහු පැවසීය.

පාකිස්ථාන ගුවන් යානා ඊයේ (18) ඇෆ්ගනිස්ථානයේ Paktika පළාතේ Barmal  සහ Khost පළාතේ Sabari යන ප්‍රදේශයන් හි නිවාසවලට ප්‍රහාර එල්ල කළ බවත්,  ඉන් සිවිල් වැසියන් කිහිප දෙනෙකු මිය ගොස් ඇති බවත් ඇෆ්ගනිස්ථාන තාවකාලික රජයේ ප්‍රකාශකයා පවසා ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම