යුරෝපා සංගමයෙන් යුක්‍රේනයට යුරෝ බිලියන 5ක යුද සහනාධාර
2024-03-19 11:28:40
Share with:

යුරෝ බිලියන 5ක යුද සහනාධාර මුදල් යුක්‍රේනයට ලබා දෙන බව යුරෝපා කවුන්සිලය ඊයේ(18) ප්‍රකාශ කළේය. එම ආධාර අරමුදල මගින් යුරෝපා සංගමයට යුක්රේනය වෙත මාරාන්තික හා මාරාන්තික නොවන යුද පහසුකම් හා පුහුණු ලබා දිය හැකි බවත් ඉන් යුක්‍රේන යුද හමුදා‍වේ අඛණ්ඩව වෙනස් වන අවශ්‍යතාවන් සපුරාලිය හැකි බවත් යුරෝපා කවුන්සි‍ලයේ නිවේදනයක සඳහන් වෙයි.

යුරෝපා සංගමයේ දත්තවලට අනුව, රුසියා -යුක්‍රේන ගැටුම් 2022 වසරේ පෙබරවාරි මාසයේ දී උග්‍ර වීමේ සිට මේ දක්වා යුරෝපා සංගමය හා සාමාජික රටවල් යුක්‍රේනයට ලබා දුන් හෝ ලබා දීමට පොරොන්දු වූ විවිධ සහනාධාරවල වටිනාකම යුරෝ බිලියන 138ක් ඉක්මවා ගොස් ඇත. ඒ තුළ යුරෝ බිලියන 28ක පමණ යුද සහනාධාර මුදල් ද ඇතුළත් වේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම