උසස් මට්ටමේ විවෘතභාවය ප්‍රවර්ධනය හා විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීමේ අරමු‍ණෙන් චීනයෙන් නව ක්‍රියාකාරී සැලැස්මක්
2024-03-19 19:21:07
Share with:

උසස් මට්ටමේ විවෘතභාවය ප්‍රවර්ධනය හා විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීමේ අරමු‍ණෙන් චීන රාජ්‍ය මණ්ඩලයේ පොදු කාර්යාලය ක්‍රියාකාරී සැලැස්මක් නිකුත් කරයි. එම සැලැස්මෙන් විදේශ ආයෝජන, චීන නවීකරණය‍ට, පොදු සෞභාග්‍ය ප්‍රවර්ධනයට, චීන සහ ලෝක ආර්ථිකයේ සංවර්ධනයට ඇති වැදගත්කම අවධාරණය කර තිබේ. විදේශ අයෝජන ශක්තිමත් ලෙස ආකර්ශණය කර ගනිමින් භාවිත කළ යුතු බව එහි දැක්වේ. පූර්ණ, නිරවද්‍ය සහ පරිපූර්ණ නව සංවර්ධන සංකල්පයක් ක්‍රියාත්මක කළ යුතුය. වෙළඳපොල හා නීතිය මත පදනම් වූ පළමු පංතියේ ජාත්‍යන්තර ව්‍යාපාරික පරිසරයක් ගොඩනැංවීමෙන් විදේශ අයෝජකයන් ගේ විශ්වාසය වර්ධනය වනු ඇති බවද එහි සඳහන් වෙයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම