චීනය හා නවසීලන්තය ද්වීපර්ශ්වික සබඳතා තර කරයි
2024-03-18 19:52:53
Share with:

චීනය හා නවසීලන්තය මීළඟ දශකයේ සමීප සබඳතා වර්ධනයට ඒකාබද්ධව මුල පුරයි. නවසීලන්තයේ සංචාරයක නිරත චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා අද(18) හා එරට උප අග්‍රාමාත්‍ය, විදේශ ඇමති Winston Peters මහතා අතර පැවැත්වූ හමුවේදී ද්වීපාර්ශ්වික සබඳතා පිළිබඳ අවධානය යොමු විය. ගෝලීය හා කලාපීය අභි‍යෝග මධ්‍යයේ අන්‍යෝන්‍ය ගරුත්වය, අන්‍යෝන්‍ය ඉවසීම මත සහයෝගතා සඳහා අවධානය යොමු කිරීම මෙන්ම දෙරටේ ජනතාවට සුබසෙත සැලසීමට ද්විපාර්ශ්වික හිතකර සබඳතාවක් පවත්වා ගැනීමේ වැදගත්කම චීන විදේශ ඇමති වන්ග්යී මහතා එම හමුවේදී පෙන්වා දුන්නේය. දෙරට අතර ද්වීපාර්ශ්වික පරිපූර්ණ උපායමාර්ගික සබඳතාව පිහිටුවීමේ දසවෙනි සංවත්සරය සැමරෙන මොහොතේ දී නවසීලන්තය සමග නව දශකයේ  සංවර්ධනයන් වෙනුවෙන් ක්‍රියා කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවද හෙතෙම කීය.

එහිදී අදහස් දැක්වූ නවසීලන්ත උප අග්‍රාමාත්‍ය, විදේශ ඇමති Winston Peters මහතා පැවසුවේ නවසීලන්තයට චීනය වැදගත් හවුල්කරුවෙකු බවයි. ‍ගෙවුනු දශකය තුළ දෙරටේ සබදාතාවන්හී  විශාල ප්‍රගතියක් අත්කර ගෙන ඇති බවද හෙතෙම කීය. නවසීලන්තය එකම චීන ප්‍රතිපත්තියෙහි අඛණ්ඩව එල්බ සිටින බවද හෙතෙම එහිදී අවධාරණය කළේය.



ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම