රුසියා-චීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බව රුසියා ජනපති කියයි
2024-03-18 15:06:43
Share with:

රුසියා-චීන සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරන බව රුසියානු ජනාධිපතිවරයා පවසයි.

රුසියානු ජනාධිපති ව්ලෑඩ්මීර් පුටින් මහතා ජනාධිපතිවරණ මෙහෙයුම් මූලස්ථානයේ අද(18) දේශනයක් පවත්වමින් ඡන්ද දායකයින් ලබාදුන් අනුබලයට සිය  ස්තුතිය පළ කළේ ය.

එසේ ම රුසියා-චීන සබඳතාව පිළිබඳව අදහස් පළ කළ හෙතෙම සඳහන් කළේ දෙරටේ සබඳතාවන්හී නව වර්ධනයන් තුළින් දෙරට ජනතාවට සුබසෙත සලසන බවයි.

වසර ගණනාවක් තුළ දෙරට සබඳතාව ස්ථාවර තත්ත්වයක පවතී. චීනය ඉදිරිපත් කළ ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ පොදු ප්‍රයත්න යටතේ ගොඩනැංවීම බෙහෙවින් ම වැදගත් ය. සංවර්ධනයේදී චීනය ලබා ගෙන ඇති ජයග්‍රහණ පැසසුමට ලක් කළ පුටින් මහතා, නිර්මාණශීලීත්වයෙන් යුතු ආර්ථික ක්‍රමවේදයට චීනය පරිවර්තනය වෙමින් සිටින බව පැවසීය. එසේ ම, තායිවාන ප්‍රදේශය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් බව හෙතෙම අවධාරණය කළේ ය. එම ප්‍රදේශය ආශ්‍රිතව සිදු කරන ප්‍රකෝපකාරී ක්‍රියාවන් මෙන් ම චීන සංවර්ධනයට බාධා කිරීමට දරන ප්‍රයත්න අනිවාර්යයෙන් ම අසාර්ථක වන බව ද ව්ලෑඩ්මීර් පුටින් මහතා එහිදී අවධාරණයෙන් සඳහන් කළේ ය.

මේ අතර, රුසියානු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අද(18) චීන විදේශ අමාත්‍යංශය පැවැත්වූ නිත්‍ය මාධ්‍ය හමුවේදී එහි ප්‍රකාශක Lin Jian මහතා පැවසුවේ චීනය හා රුසියාව අන්‍යෝන්‍ය වශයෙන් විශාලතම අසල්වැසි රටවල් දෙක හා නවයුගයේ පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වයේ රැඳී සිටින රටවල් බවයි. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා ව්ලෑඩ්මීර් පුටින් ජනාධිපතිවරයා ගේ උපායමාර්ගික නායකත්වයන් යටතේ දෙරට සබඳතාව අඛණ්ඩ ව තහවුරු කෙරෙනු ඇතැයි චීනය විශ්වාස කරන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම