යළි රුසියානු ජනාධිපතිධුරයට පත්වූ ව්ලැඩ්මිර් පුටින් මහතාට චීන ජනපති‍ ගෙන් සුබ පැතුම්
2024-03-18 18:30:12
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රුසියානු ජනාධිපතිවරයා ලෙසට නැවත තේරී පත්වීම සම්බන්ධයෙන් ව්ලැඩිමිර් පූටින් මහතාට සුබ පැතුම් පිරිනමයි. හෙතෙම අද(18) සුබ පැතුම් පණිවුඩය යොමු කළේ ය.

මෑත වසරවලදී රුසියානු ජනතාව අභියෝග ජයගෙන ජාතික සංවර්ධනය සහ පුනර්ජීවනය සඳහා වූ මාවතේ ස්ථාවරව ඉදිරියට යාමට එකමුතු වී සිටින බව ෂී ජින් පිං මහතා කියා සිටී. ව්ලැඩිමිර් පූටින් මහතා රුසියානු ජනාධිපතිවරයා ලෙසට නැවත තේරී පත්වීමෙන් රුසියානු ජනතාව ඔහුට දක්වන සහයෝගය මුළුමනින්ම පිළිබිඹු කෙරේ. ව්ලැඩිමිර් පූටින් මහතාගේ නායකත්වය යටතේ රුසියාවට ජාතික සංවර්ධනයේ සහ ගොඩනැංවීමේ විශාල ජයග්‍රහණ අත්කර ගනු ඇතැයි විශ්වාස කරන බව ෂී ජින් පිං මහතා පැවසීය. චීන-රුසියානු සබඳතා වර්ධනය කිරීම සඳහා චීනය විශාල වැදගත්කමක් ලබා දෙයි. රුසියාව සමඟ සමීප සන්නිවේදනයක් පවත්වා ගෙන යමින් දෙරටට සහ ජනතාවට ප්‍රතිලාභ සැලසෙන පරිදි නව යුගයක් වෙනුවෙන් පුළුල් උපායමාර්ගික සහයෝගී හවුල්කාරී සම්බන්ධතාවේ තිරසර, සෞඛ්‍ය සම්පන්න, ස්ථාවර සහ ගැඹුරු සංවර්ධනයක් ප්‍රවර්ධනය කිරීමට කැමැත්තෙන් සිටින බවද ෂී ජින් පිං මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම