Rafah නගරයට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර පවතින අර්බුදය උග්‍ර කරනු ඇති බවට ජෝර්දානය සහ ජර්මනිය අනතුරු අඟවයි
2024-03-18 11:36:32
Share with:

ජෝර්දානයේ දෙවැනි Abdullah Bin Hussein රජු ජර්මානු චාන්සලර් Olaf Scholz මහතා හමුවෙයි. එම හමුව එරට අල් අකාබා නගරයේ දී ඊයේ (17) පැවැත්විණ. දකුණු ගාසා තීරයේ Rafah නගරයට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර එහි පවතින අර්බුදකාරී තත්ත්වය තවදුරටත් උග්‍ර කරනු ඇති බවට ඔවුහු එහිදී අනතුරු ඇඟවූහ.

ගාසා තීරයේ මානුෂීය තත්ත්වය පිරිහීම වැළැක්වීම මෙන්ම ස්ථිර සටන් විරාමයක් ක්‍රියාවට නැංවීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස Abdullah රජු එහිදී ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය. ජෝර්දාන ගඟේ බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන් බලහත්කාරයෙන් වෙනත් ස්ථාන වෙත රැගෙන යාමේ උත්සාහයන්ට තම රට එරෙහි වන බව ද හෙතෙම පැවසීය. බටහිර ඉවුර ගාසා තීරයෙන් වෙන් කිරීමේ ඕනෑම ප්‍රයත්නයක් ජෝර්දානය ප්‍රතික්ෂේප කරන බව ද Abdullah රජු අවධාරණය කළේ ය.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය පසුගිය 15 වැනිදා නිකුත් කළ ප්‍රකාශයට අනුව, ඊශ්‍රායල හමුදාව Rafah නගරයට එදිනම ඇතුළු වීමට අදාළ සැලැස්ම අග්‍රාමාත්‍ය Benjamin Netanyahu  අනුමත කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම