චීනයේ දුම්රිය-මුහුදු අන්තර් මාදිලි සේවාව 2024 දී සංචාර 2,000 සම්පූර්ණ කරයි
2024-03-18 11:26:11
Share with:

චීනයේ දුම්රිය-මුහුදු අන්තර් මාදිලි දුම්රිය සේවාව මෙම වසරේ නියමිත කාලයට පෙර පළමු කාර්තුවේ සිය ඉලක්කය සපුරා තිබේ. 2024 ආරම්භයේ සිට නව ජාත්‍යන්තර ගොඩබිම්-මුහුදු වෙළඳ කොරිඩෝව ඔස්සේ එම දුම්රිය සේවාව සංචාර 2,000 ක් සම්පූර්ණ කර ඇත.

බහාලුම් 108ක් පටවා ගත් භාණ්ඩ දුම්රියක් දකුණු චීනයේ Guangxi Zhuag ස්වායත්ත කලාපයේ Qinzhou දුම්රිය බහාලුම් මධ්‍යස්ථානයෙන් Sichuan පළාත බලා ඊයේ(17) පිටත් විය.එය මෙම වසරේ 2,000 වැනි සංචාරය සනිටුහන් කළ අතර පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 16.8 ක වර්ධනයකි.

Guangxi Beibu Gulf ජාත්‍යන්තර ප්‍රවාහන සංවර්ධන සමාගමේ සභාපති Li Tailin මහතා පැවසුවේ 2024 ආරම්භයේ සිට Guangxi වෙතින් සුදු සීනි ප්‍රවාහනය පසුගිය වසරට සාපේක්ෂව සියයට 44 කින් වැඩි වූ බවයි. මෝටර් රථ සහ වාහන අමතර කොටස් ප්‍රවාහන පරිමාව ද සියයට 128 කින් වර්ධනය වී තිබේ. වසරින් වසර සියයට 69 ක වැඩිවීමක් සනිටුහන් කරමින් වියට්නාම ආනයනික සහ අපනයන භාණ්ඩ බහාලුම් 3,000 කට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමට හැකි වූ බව ද හෙතෙම පැවසීය.

2017 වසරේදී දියත් කරන ලද, නව ජාත්‍යන්තර ගොඩබිම්-මුහුදු වෙළඳ කොරිඩෝව යනු බටහිර චීනයේ පළාත් මට්ටමේ කලාප සහ ආසියානු සාමාජිකයින් එක්ව ගොඩනගා ඇති වෙළඳ සහ සැපයුම් මාර්ගයකි. චීනයේ පළාත් මට්ටමේ කලාප 18 ක නගර 71 ක් ආවරණය වන පරිදි දුම්රිය-මුහුදු අන්තර් මාදිලි සේවාව පුළුල් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම