ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න උපකරණ ලෙසට නොගත යුතු බව චීනය පවසයි
2024-03-18 17:04:58
Share with:

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න උපකරණ ලෙස ගැනීමට  විරුද්ධ විය යුතු බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද(18) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

දකුණු කොරියාව ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව පැවැත්වීම සම්බන්ධයෙන් හෙතෙම පැවසුවේ, වත්මන් ලෝකයට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මුවාවෙන් බෙදීම් සිදු කිරීම වෙනුවට එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු හා මූලධර්මයන් මත පදනම් ව සමගිය හා සහයෝගීතාව ශක්තිමත් කිරීම බවයි. අන්‍යෝන්‍ය ගෞරවය මත මානව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නව දායකත්වයක් ලබාදීමට අනෙකුත් රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටී. ජාත්‍යන්තර සමාජ පරිසරය විනාශ කිරීම වෙනුවට, සුහද සහජීවනය සහ ජයග්‍රාහී සහයෝගීතාව සාක්ෂාත් කර ගැනීම සඳහා විවිධ රටවල්  එක්ව උත්සාහ දැරිය යුතු බව ද Lin Jian මහතා එහිදී ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම