චීනයේ ජාතික ආර්ථිකය ජනවාරි සිට පෙබරවාරි දක්වා ස්ථාවර වර්ධනයක
2024-03-18 14:06:00
Share with:

චීනයේ ජාතික ආර්ථිකය මෙම වසරේ ජනවාරි සිට පෙබරවාරි දක්වා ස්ථාවරව වර්ධනය වී තිබෙන බව චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

එම කාලය තුළ චීනයේ යුවාන් මිලියන 20කට වැඩි වාර්ෂික ආදායම් ලද ව්‍යවසායන්හි අතිරේක අගය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 7.0% කින් වැඩි වී තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව එම අගය 0.2% කින් වේගවත් වී ඇති අතර චීන ජාතික සේවා කර්මාන්ත නිෂ්පාදන දර්ශකය පසුගිය වසරේ සමාන කාලයට සාපේක්ෂව 5.8% කින් ඉහළ ගොස් ඇත. චීන පාරිභෝගික භාණ්ඩවල මුළු සිල්ලර විකුණුම් යුවාන් බිලියන 8,130.7 දක්වා ළඟා විය. එය පසුගිය වසරේ එම කාලයට වඩා 5.5% කින් වර්ධනය වීමකි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම