ඊනියා "ප්‍රජාතන්ත්‍රවාදී සමුළුවට" සහභාගී වන ලෙසට තායිවාන ප්‍රදේශයේ බලධාරීන්ට දකුණු කොරියාව සිදු කර ඇති ආරාධනයට චීනයේ දැඩි විරෝධය
2024-03-18 18:22:55
Share with:

ඊනියා "ප්‍රජාතන්ත්‍රවාදී සමුළුවට" සහභාගී වන ලෙසට තායිවාන ප්‍රදේශයේ බලධාරීන්ට දකුණු කොරියාව සිදු කර ඇති ආරාධනයට චීනය දැඩි විරෝධය පළ කරයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද(18) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

දකුණු කොරියාවේ පැවත්වෙන "ප්‍රජාතන්ත්‍රවාදී සමුළුවට" තායිවානයේ ඇතැම් පුද්ගලයන් සහභාගී වීම පිළිබඳව මාධ්‍යවේදීන් අද පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

ඒ සම්බන්ධයෙන් Lin Jian මහතා පැවසුවේ, ලෝකයේ ඇත්තේ එකම චීනයක් බවයි. තායිවාන ප්‍රදේශය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසකි. චීන මහජන සමූහාණ්ඩු රජය සමස්ත චීනය නියෝජනය කරන එකම නීත්‍යානුකූල රජයයි. චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී "තායිවානයේ ස්වාධීනත්වයට" අනුබල දෙන හා සහාය දෙන ඕනෑම බාහිර බලවේගයක් අසාර්ථක වනු ඇතැයි Lin Jian මහතා එහිදී කියා සිටී. එකම චීනය යන මූලධර්මය පිළිපදින ලෙස චීනය දැඩි ලෙස දකුණු කොරියාවෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම