චීනයේ සැසිවාර දෙක එරට දේශපාලන ක්‍රමය සහ අනාගත දැක්ම පිළිබඳ කවුළුවක්
2024-03-18 09:59:29
Share with:

චීනයේ වාර්ෂිකව පැවැත්වෙන ජාතික සැසිවාර දෙක එරට දේශපාලන ක්ෂේත්‍රයේ දැවැන්ත ක්‍රියාවලියකි. එය ජගත් ප්‍රජාවට චීනයේ දේශපාලන ක්‍රමය හා ක්‍රියාමාර්ග නිරීක්ෂණය කිරීමේ වැදගත් කවුළුවක් වනු ඇතැයි කැළණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්ය සකීෆ් සාම් මහතා කියා සිටී. 

චීන දළ දේශීය නිෂ්පාදිතය 5%කින් ඉහල නැංවීමට පියවර ගන්නා බව 14වන චීන ජාතික මහජන කොංග්‍රසයට ඉදිරිපත් කරන ලද රාජ්‍ය කාර්ය වාර්තාවේ දැක්වේ. චීනය යනු ලොව දෙවන ආර්ථික බලවතායි. පුරවැසියන්ගේ ආදායම් වර්ධනය හා රටේ ආර්ථික වර්ධනය සමාන ම‍ට්ටමක පවත්වා ගෙන යාම, ජාත්‍යන්තර ආදායම් හා වියදම මූලික වශයෙන් සමබරව පවත්වාගෙන යාමට අවධානය යොමු කරන බව රාජ්‍ය කාර්ය වාර්තාවේ සඳහන් විය. චීන ආර්ථිකයේ බලපෑම සමස්ථ ගෝලීය ආර්ථික පුනරුදයට විශාල ශක්තියකි. එම නිසා චීනය ජාතික වශයෙන් ඉටු කරගන්නා ඉලක්ක සමස්ථ මානව වර්ගයාගේ යහපත පිණිස හේතුවනු ඇතැයි කථිකාචාර්ය සකීෆ් සාම් මහතා කියා සිටී. 

චීනය 2024 වසරේ ඉටු කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂාවන් අතර ජෛව පරිසර ගුණාත්මකභාවය අඛණ්ඩව පවත්වාගැනීමට කටයුතු කරන බව ද දක්නට ලැබේ. මේ වන විට සමස්ථ ලෝකයම වැඩි අවධානයක් යොමු නොකරන පරිසර සංරක්ෂණය කෙරෙහි මෑත කාලයේ චීනය වැඩි අවධානයක් යොමු කර ඇත. නව කර්මාන්ත, නව බලශක්ති වර්ධනය ප්‍රවර්ධනය කිරීමට සහ පරිසර හිතකාමී විකල්ප ක්‍රමෝපායන් කෙරෙහි චීනයේ අවධානය යොමු වීම වැදගත් පියවරකි. විශේෂයෙන්ම බටහිර රටවල් හි අවධානයට නතු විය යුතු මෙම පරිසර සංරක්ෂණය කෙරෙහි මනා නැඹුරුවක් මෙවර චීනයේ සැසිවාර දෙකෙහි දී සාකච්ඡාවට බඳුන්ව තිබීම ගෝලීය පරිසර සාධක කෙරෙහි අනෙකුත් රටවල ප්‍රතිපත්ති හසුරුවාලීමට මනා පිටුබලයක් වනු ඇති බව ද සකීෆ් සාම් මහතා සඳහන් කළේය.

විද්‍යා තාක්ෂණ මෙන්ම නිපුණතා සංවර්ධන පද්ධතිවල ප්‍රතිසංස්කරණ සඳහා චීනයේ ප්‍රවේශය ද අගය කරන බව පැවසූ හෙතෙම ඉහල ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ලෝකයට වඩා වැඩි අවස්ථා ගෙන දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම