ව්ලැඩ්මීර් පුටින් යළිත් රුසියානු ජනපති අසුනට
2024-03-18 11:32:09
Share with:

රුසියානු ජනපතිවරණයෙන් එරට වත්මන් ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා ජයග්‍රහණය කරයි.

එරට ජනාධිපතිවරණය ඉකුත් 15 වැනි දා සිට 17 වැනි දා දක්වා පැවැත්විණ. අද (18) අලුයම දක්වා ගණන් කර ඇති 85% ක ඡන්ද ප්‍රමාණයෙන් 87.19% ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගනිමින් වත්මන් ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා සෙසු ජනපති අපේක්ෂකයන් අභිභවා ඇතැයි රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇත.

රුසියානු ජනපතිවරණ රෙගුලාසි අනුව, ජනපතිවරණයේ 50% කට වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමි කර ගන්නා ජනපති අපේක්ෂකයා ජයග්‍රාහකයා බවට පත් වේ. ඒ අනුව, ව්ලැඩ්මීර් පුටින් මහතා මෙවර ජනපතිවරණයෙන් ජය ලබා, යළිත් ජනපති අසුන දිනා ඇත.

හෙතෙම අද (18) අලුයම ජනපතිවරණ මූලස්ථානයේ දී සියලු ඡන්ද දායකයන්ට ස්තුතිය පළ කළේ ය. ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පුටින් මහතා කියාසිටියේ, නව ධුර කාලයේ දී රුසියාව අඛණ්ඩව සංවර්ධනය කරන බවයි.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම