දේශගුණික බලපෑම් නිසා පීඩාවට පත්වන ගොවීන්ට සුබ ආරංචියක්
2024-03-17 16:22:12
Share with:

CSIAP හෙවත් දේශගුණ සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතිය තවත් වසරකින් දීර්ඝ කිරීම සඳහා තවත් ඩොලර් මිලියන 25ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කර ඇත. මෙම ව්‍යාපෘතිය මෙම වසරේ අවසන් කිරීමට නියමිතව තිබුන ද එම ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර ඇත. මෙය දුෂ්කර ප්‍රදේශවල ගොවි ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් වඩා වැදගත් වන බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ කටයුතු මෙම වසරේ අවසන් වීමට නියමිතව තිබිණ. විශේෂයෙන් දේශගුණික බලපෑම් නිසා පීඩාවට පත්වන දිස්ත්‍රික්කවල කෘෂිකර්ම හා වාරිමාර්ග කටයුතු නඟා සිටුවීම ඉළක්ක කර ගනිමින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් අනුරාධපුර, හම්බන්තොට, මොනරාගල, අම්පාර, කුරුණෑගල, වව්නියාව වැනි දිස්ත්‍රික්කවල කුඩා වැව් හා ඇළවේලි ප්‍රතිසංස්කරණය සිදු කරනු ලැබීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම