ඩොලර් බිලියන 10 දක්වා ලංකාවේ සංචිත වර්ධනය කිරීමට සැලසුම්
2024-03-17 16:19:07
Share with:

 

නුදුරේදීම ශ්‍රී ලංකාවට හිමි වන ඩොලර් ප්‍රමාණය රුපියල් බිලියන 10 ඉක්මවීමට නියමිත බවත්, 2048ට පෙර රට ණය බරින් නිදහස් වීම අනිවාර්ය බවත් කම්කරු හා විදේශ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සහයෙන් රටට මෙම ඉලක්කයට ළඟා වීමට හැකි වූ බවද හෙතෙම සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව කියාසිටියේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන් මාලාවේ පොළොන්නරුව වැඩසටහනට එක්වෙමිනි.

විගමණික සේවක සේවිකාවන් ඇගයීම, විදෙස්ගත ශ්‍රමිකයන්ගේ පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම සහ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම යනාදී සේවාවන් ගණනාවක් මෙම වැඩසටහන යටතේ සංවිධානය කෙරේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම