ලෝකයේ අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කරන ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය
2024-03-17 18:53:54
Share with:

ඇමරිකාව සිය "ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රමිතීන්" බෙදා හරිමින් ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයක් ලෝකය පුරා සිදු කිරීමට උත්සාහ දරමින් සිටින අතර එය ගෝලීය අස්ථාවරත්වයට සහ විවිධ ගැටුම්වලට තුඩු දී ඇත. මේ බව චීන මාධ්‍ය සමූහය සහ චීනයේ රෙන්මින් විශ්වවිද්‍යාලය එක්ව සිදු කරන ලද ගෝලීය සමීක්ෂණයකින් අනාවරණය විය. ඇමරිකාව සිය ප්‍රජාතන්ත්‍රවාදය සිය වාසියට පමණක් යොදා ගනිමින් අනෙකුත් රටවල් මර්දනයට මෙන්ම ලෝකය තුළ බෙදීම් ඇති කරමින් විවිධ කඳවුරු අතර  ගැටුම් උග්‍ර කිරීමට අඛණ්ඩව උත්සාහ දැරීම පිළිබඳව ද එහිදී ප්‍රතිචාර දැක්වූවන් සිය නොසතුට පළ කර ඇත.

ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ සැඟවුණු අධිපතිවාදී හැසිරීම


මෙම සමීක්ෂණයේ දී ගෝලීය වශයෙන් ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 71ක් ඇමරිකාව වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම සහ “ප්‍රජාතන්ත්‍රවාදය” මුවාවෙන් වෙනත් රටවල් මර්දනය කිරීම විවේචනයට ලක් කර ඇත. එමෙන්ම ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 62.3ක් විවිධ සම්බාධක සහ ආර්ථික බලහත්කාරකම් සිදු කරන ඇමරිකාවේ අධිපතිවාදී හැසිරීම පිළිබඳ දැඩි අතෘප්තිය පළ කර තිබේ..

ගෝලීය විවේචනයට ලක් වූ ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය

මෙම සමීක්ෂණයට අනුව, ගෝලීය වශයෙන් ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 84.3ක් විශ්වාස කරනුයේ ප්‍රජාතන්ත්‍රවාදය විවිධ රටවල හා සංස්කෘතීන් ඔස්සේ විවිධ අයුරින් ඉදිරිපත් කළ යුතු බවයි. ප්‍රජාතන්ත්‍රවාදයේ උසස් ආකෘතියක් හෝ සියලු දෙනාට ගැළපෙන දේශපාලන ක්‍රමයක් නොමැත. මත විමසුමට එක්වූවන්ගෙන් සියයට 79.5ක් ප්‍රජාතන්ත්‍රවාදයේ මුවාවෙන් ගෝලීය වශයෙන් ඇමරිකාව සිදු කරන ආධිපත්‍යය පැතිරවීමට දැඩි විරෝධය පළ කළහ. එමෙන්ම මෙම ඇමරිකානු අධිපතිවාදය වහාම අවසන් කරන ලෙස ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 86.8ක් ඉල්ලා සිටියේය.

මෙම සියලු දත්ත අනාවරණය කර ගැනීමේ දී ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, කැනඩාව, ස්පාඤ්ඤය වැනි සංවර්ධිත රටවල් මෙන්ම බ්‍රසීලය, ආර්ජන්ටිනාව, දකුණු අප්‍රිකාව, මැලේසියාව, පේරු සහ පකිස්ථානය වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් ඇතුළු ලොව පුරා රටවල් 32ක සමස්ත ප්‍රතිචාර දැක්වූවන් 39,315ක්  එක්ව ඇත. “ඇමරිකාව කෙරෙහි දක්වන ආකල්පය” යන මත විමසුම ඇතුළුව ගෝලීය මත විමසීම් තුනක් ද  මෙයට ඇතුළත් වේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම