ගොවි ජනතාවගේ විරෝධතා හමුවේ යුරෝපා සංගමයෙන් නව කෘෂිකාර්මික සැලසුමක්
2024-03-17 15:23:43
Share with:

ගොවි ජනතාවගේ විරෝධතාවලට ප්‍රතිචාර දක්වමින් යුරෝපා සංගමය නව කෘෂිකාර්මික සැලසුමක් නිකුත් කරයි.

යුරෝපා සංගමයේ “පොදු කෘෂිකාර්මික ප්‍රතිපත්ති” සඳහා නව සංශෝධන මාලාවක් පසුගිය 15 වනදා යුරෝපා කොමිසම නිල වශයෙන් නිකුත් කෙ‍රිණ. අදාළ කෙටුම්පත්වලට අනුව, ඒ ඒ සාමාජික රටවලට සිය රටේ ගොවි ජනතාව වෙනුවෙන් ලබා දෙන යුරෝපා සංගමයේ දීමනා ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසර ආරක්ෂණ ප්‍රමිතීන් ලිහිල් කිරීමට අවසර හිමි වනු ‍ඇත. 

යුරෝපා සංගමයේ කෘෂිකාර්මික දීමනා ඉල්ලුම් කරන ගොවීන් සම්බන්ධයෙන් ඉඩම් පරිහරණය සහ අනෙකුත් ක්ෂේත්‍රවල පවතින සීමා ලිහිල් කරන අතර ගොවි ජනතාවට බෝග මාරුව පිළිබඳ සීමා ද ලිහිල් කරනු ඇත. එමෙන්ම කුඩා පරිමාණයේ ගොවිපල වෙත එල්ල වන ගැටලු අවම කිරීමට ද පියවර නිකුත් කෙරෙන බව අදාළ කෙටුම්පතවල සඳහන් විය. 

මේ අතර පසුගිය සති කිහිපය තුළ පෝලන්තය, බෙල්ජියම, ප්‍රංශය, ස්පාඤ්ඤය හා ඉතාලිය යන යුරෝපා සංගමයේ රටවල ගොවි ජනතාව “පොදු කෘෂිකාර්මික ප්‍රතිපත්ති ” ඔස්සේ එල්ල වන බලපෑම්වලට එරෙහිව අඛණ්ඩව උද්ඝෝෂණ ද පවත්වා ඇත. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම