චීන-අප්‍රිකා සහයෝගීතාව එම කලාපයේ සංවර්ධනයට ඉතා වැදගත් බව කොංගෝ ජනරජයේ ජනපති පවසයි
2024-03-16 18:13:34
Share with:

චීන-කොංගෝ සබඳතාවන් හි 60 වැනි සංවත්සරය නිමිත්තෙන් කොංගෝ ජනරජයේ ජනාධිපති Denis Sassou-Nguesso මහතා පසුගිය දා එරට අගනුවරදී චීන මාධ්‍ය සමූහය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්විය.

මේ වසරේ අප්‍රිකානු රටවල් 30ක නිදහස් වෙළඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරෙනු ඇත. නිදහස් වෙළඳ කලාපය අප්‍රිකානු රටවල් ආර්ථික සංවර්ධනයට ඉටු කරන කාර්යභාරය පිළිබඳව Denis Sassou-Nguesso මහතා සිය අදහස් පළ කළේය. අප්‍රිකා නිදහස් වෙළඳ කලාපය ක්‍රියාත්මක කිරීමේ පූර්ව කොන්දෙසිය වන්නේ යටිතල පහසුකම් ඉදිකිරීමයි. විශේෂයෙන්ම ගමනාගමන යටිතල පහසුකම් හා විදුලිබල යටිතල පහසුකම් එහිදී ප්‍රමුඛ වේ. පූර්ව සැලසුමකින් තොරව අප්‍රිකාවේ නිදහස් වෙළඳ කලාපය සාර්ථකව ආරම්භ කළ නොහැකිය. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ, අප්‍රිකා නිදහස් වෙළඳ කලාප ඉදිකිරීම් සමග සම්බන්ධ කිරීමෙන් අප්‍රිකාවේ අභ්‍යාන්තර වෙළඳාම තහවුරු කළ හැකි වනු ඇත. එමෙන්ම ඒ ඔස්සේ අප්‍රිකාව හා චීනය ඇතුළු ලෝකයේ විවිධ රටවල් හා ප්‍රදේශ අතර පවතින වෙළඳාම ප්‍රවර්ධනය කළ හැකි බවද හෙතෙම ප්‍රකාශ කළේය. 

චීන-අප්‍රිකා සහයෝගීතාව හරහා ලබා ගත් ප්‍රතිඵල තුළින් ඇතැම් බටහිර දේශපාලනඥයන් හා  මාධ්‍ය, ඊනියා “නව යටත්විජිතවාදය ” අයුතු ලෙස ප්‍රචාරය කරමින් සිටී. අප්‍රිකානු රටක නායකයෙක් ලෙස ඔහු ඒ සම්බන්ධයෙන් ද අදහස් පළ කළේය. චීනය කිසි දිනක අප්‍රිකාව තුළ යටත්විජිතකරණය ක්‍රියාත්මක කර නොමැත. එහෙයින්“නව යටත්විජිතවාදය ” ගැන කතා කරන්නේ කෙසේද යන්න පැවසූ ඒ මහතා චීනයට අප්‍රිකාවේ යටත් විජිත කලාපයක් නොමැති බව ද පැවසීය.එවැනි මත පළ කරන පිරිස සැබවින්ම අප්‍රිකාව යටත්විජිතයක් බවට පත් කර නව යටත්විජිතවාදය ක්‍රියාත්මක කළ පාර්ශ්වයන්ය. අප්‍රිකාවේ වර්ණභේදය ඇති කිරීමට සහාය දුන්නේ ද එම පිරිස බව හෙතෙම අවධාරණය කළේය.

2024 වසරේ චීන-අප්‍රිකා සහයෝගීතා සාකච්ඡා මණ්ඩපය චීනයේදී පැවැත්වීමට නියමිතය. එහිදී චීන හා අප්‍රිකානු රටවල නායකයන් යළි හමුවී සහයෝගීතා පිළිබඳව සාකච්ඡා පවත්වනු ඇත. චීන-අප්‍රිකා සහයෝගීතාවේ දී අප්‍රිකාවේ සංවර්ධනය සම්බන්ධයෙන් පුළුල් අපේක්ෂාවන්  පවතින බව ද හෙතෙම ප්‍රකාශ කළේය.  

මේ වසරේ චීනයේදී පැවැත්වෙන එම සාකච්ඡා මණ්ඩපය චීන -අප්‍රිකා සබඳතා තවදුරටත් ඉහළ මට්ටමකට ගෙන එනු ඇති බව හෙතෙම විශ්වාසය පළ කළේය. චීනය සමග දිගුකාලීන සහයෝගීතා පවත්වමින් එක්ව ඉදිරියට යාමට කොංගෝ ජනරජය බලාපොරොත්තු වන බවද ජනාධිපති Denis Sassou-Nguesso මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම