රුසියානු-යුක්‍රේන ගැටළුව විසඳීමට සාම සාකච්ඡාවක් අරඹන ලෙසට චීනයෙන් ඉල්ලීමක්
2024-03-16 15:36:02
Share with:

සාම සාකච්ඡාවක් ආරම්භ කරන ලෙසට චීනය රුසියානු-යුක්‍රේන ගැටළුවට අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ චීන උප නිත්‍ය නියෝජිත Geng Shuang මහතා ඊයේ (15) ආරක්ෂක මණ්ඩලයේ අදාළ රැස්වීමේදී මේ බව පැවසීය.

එම ගැටළුව පිළිබඳ චීනයේ ස්ථාවරය වෙනස් නොවන බව ඔහු එහිදී කියාසිටියේය. එනම්, අදාළ රටවල ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවට ගරු කළ යුතුය. එමෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්ම අනුගමනය කරමින් අදාළ ර‍ටවල නීත්‍යානුකූල ආරක්ෂාව පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතු අතර සියලු අවස්ථාවල සාමයෙන් ගැටළු විසඳීමේ උත්සාහයන්ට සහාය දිය යුතුය.

සටන් වෙනුවට දේශපාලන ක්‍රමයෙන් පොදු එකඟතාවකට පැමිණ සාම සාකච්ඡාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස චීනය මෙම ගැටළුවට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි. පවතින තත්ත්වය ලිහිල් කිරීම සහ දේශපාලන විසඳුමක් ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් වැඩි කරන ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින බව ද Geng Shuang මහතා කියාසිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම