නව පකිස්ථාන විදේශ ඇමතිවරයාට චීන විදේශ ඇමතිවරයාගෙන් සුබ පැතුම්
2024-03-16 19:14:19
Share with:

නව පකිස්ථාන විදේශ ඇමති Ishaq Dar මහතා වෙත චීන විදේශ ඇමති වං යී මහතා සුබ පැතුම් යොමු කරයි.

චීනය හා පකිස්ථානය දීර්ඝ කාලයක් තිස්සේ මිත්‍රශීලී අසල්වැසියන් ලෙස කටයුතු කළ බව වං යී මහතා පසුගිය 13 වැනිදා යැවූ එම සුබ පැතුම් පණිවුඩයේ සඳහන් කර ඇත. දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කර ගතවූ වසර 73 තුළ, දෙරට අන්‍යෝන්‍ය විශ්වාසය සුරකිමින් සහාය ලබා දෙමින් සිටියි. දෙරටට අනන්‍ය හා ඉතා ශක්තිමත් මිත්‍රත්වයක් ඉන් නිර්මාණය වන බව වං යී මහතා පෙන්වා දෙයි. මෑත වසරවල දී, දෙරට උසස් මට්ටමේ හුවමාරු සිදු කර ගනිමින්, විවිධ සහයෝගිතා දෛනිකව වර්ධනය කර ගනිමින් සිටී. චීන-පකිස්ථාන ආර්ථික කොරිඩෝවේ සංවර්ධනයේ කැපී පෙනෙන ජයග්‍රහණ ද අත්පත් කර ගෙන ඇති අතර, සෑම කල්හිම පවතින උපායමාර්ගික හවුල්කාරීත්වය අඛණ්ඩව ශක්තිමත් වෙමින් පවතින බව හෙතෙම පැවසීය. අසල්වැසි රටක් ලෙස රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් චීනය අතීතයේ සිටම පකිස්ථානයට ප්‍රමුඛතාවක් ලබා දී ඇත. දෙරටේ නායකයන් අතර වැදගත් එකඟතා ක්‍රියාත්මක කරමින්, නව යුගයේ වඩාත් සමීප පොදු ඉරණමක් සහිත චීන-පකිස්ථාන ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද වං යී මහතා එම සුබ පැතුම් පණිවිඩයෙන් පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම