රෝගී වී ඇති ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය
2024-03-16 19:26:08
Share with:

ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අවංකව කටයුතු කරන රටක් ලෙස ඇමරිකාව තමන්වම වර්ණනා කර ගත්ත ද ඇමරිකාවේ දේශපාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අදහසට පටහැනි බවට මත විමසුමකින් හෙළි කෙරේ. චීන මාධ්‍ය සමූහය සහ චීනයේ රෙන්මින් විශ්වවිද්‍යාලය එක්ව සිදු කරන ලද මෙම සමීක්ෂණයට අනුව ගෝලීය ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 71.1ක් එම අදහසට එකඟත්වය පළ කර ඇත. 

එමෙන්ම ප්‍රතිචාර දැක්වූවන්ගෙන් තවත් සියයට 70.4ක් ඇමරිකාව "ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ආදර්ශයක්" ලෙස හැඳින්වීම කෙරෙහි විරුද්ධත්වය ප්‍රකාශ කර තිබේ.  ඒ වෙනුවට ඔවුන් "ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය" හඳුන්වා ඇත්තේ " රෝගී වී ඇති ප්‍රජාතන්ත්‍රවාදයක්" ලෙසයි.

මෙම සමීක්ෂණයේ දී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 80කට වඩා ප්‍රකාශ කර ඇත්තේ “එක් පුද්ගලයෙක්, එක් ඡන්දයක්”යන මැතිවරණ ක්‍රමය “ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ”වැදගත් ලක්ෂණයක් විය යුතුව තිබෙන බවයි. ජනතාවගේ අභිමතය මැතිවරණයේදී විමසා බැලුව ද මැතිවරණයෙන් පසු එරට දේශපාලනඥයන්ට එය අමතක වන බව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 72.5ක් සඳහන් කර තිබේ. 

එමෙන්ම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 74.5ක් විශ්වාස කරනුයේ “ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය” තුළ සාමාන්‍ය මහජනතාවට වඩා ධනවත්  කිහිප දෙනෙකුට පමණක් සේවය සැපයීමේ නැඹුරුවක් ඇති බවයි. මේ අතර ප්‍රතිචාර දැක්වූවන්ගෙන් තවත් සියයට 68ක් පවසනුයේ “ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය”ප්‍රාග්ධනය මත පදනම් වූ ධනවත් මිනිසුන්ගේ ක්‍රීඩාවක් බවයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම