එක්සත් ජාතීන් ඉස්ලාම් භීතිකාවට එරෙහි පියවර ඇතුළත් යෝජනාවක් සම්මත කරයි
2024-03-16 15:24:11
Share with:

ඉස්ලාම් භීතිකාවට එරෙහි පියවර ඇතුළත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සම්මත කරයි. ඊයේ(15) එම සංවිධානයේ මහා මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී ඉස්ලාම් භීතිකාවට එරෙහිව සටන් කිරීමේ ක්‍රියාමාර්ග ඇතුළත් මෙම යෝජනාව සම්මත කර ඇත.

වෙනස් කොට සැලකීම, එදිරිවාදිකම් හෝ ප්‍රචණ්ඩත්වය ඇති කරවන, ආගමික වෛරය වෙනුවෙන් පෙනී සිටින සියලු ක්‍රියාවන් මෙම යෝජනාවෙන් හෙළා දැක ඇත.

ආගමික නොහික්මීම, වෛරය, ප්‍රචණ්ඩත්වයට පෙළඹවීම සහ මුස්ලිම්වරුන්ට එරෙහි සියලු ප්‍රචණ්ඩත්වයන් වෙනුවෙන් සටන් කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස මෙම යෝජනාව එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලින් ඉල්ලා සිටී. එමෙන්ම ඔවුන්ගේ ආගම හෝ විශ්වාසයන් මත පුද්ගලයන්ට එරෙහිව සිදු වන ප්‍රචණ්ඩත්වයන් නීතියෙන් තහනම් කරන ලෙස ද සාමාජික රටවලට දැනුම් දී ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම