වෙරළ පවිත්‍රතාව රැක ගැනීමට නව ජංගම යෙදුමක්
2024-03-16 17:13:34
Share with:

වෙරළ තීරයන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සුහුරු තාක්ෂණය ඔස්සේ භාවිතයට ගත හැකි ජංගම යෙදුම (Beach Cleanup Coordination APP) හඳුන්වාදීම පිළිබඳ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.

වෙරළ හා සාගර පරිසරයේ තිරසර සංවර්ධනය සඳහා මැදිහත් වන ආයතන හා සංවිධාන විධිමත්ව සම්බන්ධීකරණය කරමින් වෙරළ සංරක්ෂණ අධිකාරියේ මැදිහත්වීමෙන් මෙම ජංගම යෙදුම හඳුන්වා දීමට නියමිතය.

සාගර සහ වෙරළ තීරයේ පවිත්‍රතාව රැක ගනිමින් තිරසර සාගර සහ වෙරළ කලාපයක් සහතික කිරීමට ඒ පිළිබඳ වගකීම් පැවරී ඇති සියලු ආයතන කැපවිය යුතු බව මෙහිදී පෙන්වා දුන් සාගල රත්නායක මහතා එම කටයුතු පහසුකර ගැනීමට මෙම නව ජංගම යෙදුම පිටිවහලක් වනු ඇති බව ද එහිදී සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම