රට පාලනය කිරීමට පළමුව පක්ෂය නිසි පරිදි පාලනය කළ යුතු බව චීන ජනපති පවසයි
2024-03-15 19:45:25
Share with:

"විශාල පක්‍ෂයකට අනන්‍ය ගැටළු විසඳීමේදී සෑමවිටම සංයමයෙන් හා අධිෂ්ඨානශීලීව කටයුතු කරමින් පක්ෂයේ දැවැන්ත ස්වයං විප්ලවය අඛණ්ඩව පවත්වා ගෙන යාම" යන මැයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ විශේෂ ලිපියක් ප්‍රකාශයට පත් කෙරේ. 

එය මධ්‍යම කාරක සභාවේ ප්‍රමුඛතම ප්‍රකාශනයක් වන Qiushi සඟරාවේ මෙම වසරේ 6 වැනි කලාපයෙහි පළ කෙරෙනු ඇත. එම කලාපය හෙට (16) නිකුත් කෙරේ.

රට පාලනය කිරීමට පළමුව පක්ෂය නිසි පරිදි පාලනය කළ යුතු බවත්, පක්ෂය දියුණු වූ විට පමණක් රට ශක්තිමත් කළ හැකි බව එම ලිපියෙන් අවධාරණය කෙරේ.

ශක්තිමත් නායකත්වය සහ දැවැන්ත අරගලකාරී බලවේග ගොඩනැගීම සඳහා, දැඩි පාලනය මෙන්ම අධීක්ෂණය සහ වගකීම දිරිමත් කිරීම ඒකාබද්ධ කළ යුතු බව ද එම ලිපි‍යේ සඳහන් වෙයි. පක්ෂය පුළුල්ව හා දැඩි ලෙස පාලනය කිරීමට ඵලදායී පියවර ගවේෂණය කළ යුතුය. එමෙන්ම පාක්ෂිකයින්ගේ උද්යෝගය හා නිර්මාණශීලිත්වය බලගන්වමින්, රට නව යුගයක, නව මාවතකට ගමන් කළ හැකි ශක්තිමත් වාතාවරණයක් නිර්මාණය කළ යුතු බව ද එම ලිපියෙන් ජනාධිපතිවරයා පෙන්වා දෙයි. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම