චීන-ලාඕස දුම්රිය මගීන් මිලියන 30 කට අධික පිරිසක් ප්‍රවාහනය කරයි
2024-03-15 11:18:34
Share with:

චීන-ලාඕස දුම්රිය, ආරම්භයේ සිට පසුගිය 12 වැනිදා වන විට මගීන් ලක්ෂ 302 කට අධික පිරිසක් ප්‍රවාහනය කර ඇතැයි වාර්තා වේ. රැගෙන ගොස් ඇති භාණ්ඩ ප්‍රමාණය ටොන් ලක්ෂ 342.4 කි. ඒ අතරින් දේශසීමාව ඉක්මවා ප්‍රවාහනය කර ඇති භාණ්ඩ ප්‍රමාණය ටොන් මිලියන 7.8 කට අධික ය. ජාත්‍යන්තර වශයෙන් වටිනා සේවාවක කාර්යභාරය මෙහිදී සහතික කර තිබීම කැපීපෙනේ.

මේ පිළිබඳ වාර්තාවලට අනුව, චීන-ලාඕස දුම්රිය මාර්ගයේ චීන කොටසේ දෛනික සාමාන්‍ය මගී දුම්රිය සංඛ්‍යාව, එය ආරම්භයේ පැවති 35 ක අගයේ සිට මේ වනවිට 51 ක් දක්වා වැඩි වී තිබේ. දෛනික මගීන් සංඛ්‍යාව 20,000 සිට 103,000 ක උපරිමයක් දක්වා වැඩි වී තිබීම ද විශේෂත්වයකි.

එසේම චීන-ලාඕස දුම්රිය මාර්ගය ආරම්භයේ දී දිනකට දේශසීමාව ඉක්මවන භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ක්‍රියාත්මක වූයේ දෙකක් පමණකි. මේ වනවිට එය 20 ක උපරිමයක් දක්වා දක්වා වර්ධනය වී ඇත.

එසේම, මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට මාර්තු 12 වැනිදා දක්වා කාලය තුළ, මෙමගින් දේශසීමාවෙන් එපිටට ප්‍රවාහනය කෙරුණු භාණ්ඩ පරිමාව ටොන් ලක්ෂ 10.6 ක් වූ අතර, එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 33.9% ක වැඩිවීමකි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම