පලස්තීනයට නව අගමැතිවරයෙක්
2024-03-15 10:54:36
Share with:

 

පලස්තීන ජනාධිපති Mahmoud Abbas මහතා ඔහුගේ ආර්ථික උපදේශක මොහොමඩ් Mohammad Mustafa මහතා ඊයේ(14) නව අගමැති ලෙස පත් කළේ ය. ඒ අනුව නව පලස්තීන රජයක් පිහිටුවීමට ඔහුට බලය ලබා දී තිබේ. පලස්තීන ජනතාවගේ ඉහළම අවශ්‍යතා වෙනුවෙන් කැපවන ලෙස Abbas මහතා නව අගමැතිගෙන් ඉල්ලා ඇත. ගාසා තීරයේ සහන සහ ප්‍රතිසංස්කරණ කටයුතු මෙහෙයවීම සහ සම්බන්ධීකරණය කිරීම නව රජයේ ප්‍රමුඛතාවය බව ද හෙතෙම නව පත්කිරීමට අදාළ ලිපියේ සඳහන් කළේය.

Mohammad Mustafa මහතා 1954 දී පලස්තීනයේ උපත ලැබීය. 2014 ඊශ්‍රායල-පලස්තීන ගැටුමෙන් පසු ගාසා තීරය ප්‍රතිසංස්කරණය කිරීමට ඔහු නායකත්වය දී තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම